උපවාසය වැරදි යයි විපක්‍ෂ මන්ත‍්‍රී හමුවේදී රතන හිමිට දැඩි විරෝධය.. රතන හිමි නැගිට යන්න යයි…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02දී පැවතියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

රතන හිමියන් විසින් සිදුකරන ලද මාරාන්තික උපවාස නිසා රිෂාඩ් බදුර්දීන්ට ඇමතිවරයාට එරෙහිව ගෙනවිත් තිබූ විශ්වාසය යටපත්කිරීමට හැකිවූ බව අලූත්ගමගේ මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

එම උපවාසය නිසා ආණ්ඩුව විශ්වාසභංගය මගහැර ගිය බවද බදියුදීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් ඔහු චෝදනා කර තිබේ.

නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රතන හිමියන් පෙන්වා දී ඇත්තේ ඒ මොහොතේ පැවති තත්වය අනුව සිදුකළ යුතු සුදුසුම ක්‍රියාව තමන් විසින් කළ බවයි.

එම අවස්ථාවට සහභාගි වූ සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද උපවාසයට විරුද්ධව අදහස් දක්වා තිබේ.

විවාදය දිගින් දිගටම පැවති නිසා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී එය නවතා දමා ඇත.

ඒ සමගම රතන හිමියන් රැස්වීම් ශාලාවෙන් පිටතට වැඩම කර ඇති අතර විපක්‍ෂ නායකයරවයාගේ ඉල්ලීමද නොතකමික් හිමියන් රැුස්වීමෙන් පිටත්ව ගොස් තිබේ.