තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි…- රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ..

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් නෂීම් නොව සෞදි අරාබියේ වෙසෙන නවුෆර් මවුලවිද යන්න සම්බන්ධයෙන් පොලිසියට බලවත් සැකයක් මතුවී තිබේ.

මෙම සැකය මතුවී ඇත්තේ සහ සහරාන්ගේ බිරිද විසින් කරන ලද ප්‍රකාශයන් අනුව යි.

අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන සහ සහරාන්ගේ බිරිඳගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තම සැමියා වන සහරාන් තව්හීද් ජමාත් සංවිධානයට බඳවා ගත්තේ නවුෆර් මවුලවි නම් සෞදි අරාබිය සිටින පුද්ගලයෙක් විසින් බවයි.

තම සැමියා සියලු දේ කළේ ඔහුගේ උපදෙස් මත බවද සඳහන් කර ඇති අය නවුෆර් සෞදි අරාබියේ සිට වරින් වර ශ්‍රී ලංකාවට එන බවද සඳහන් කර තිබේ.

මේ අනුව තවුෆික් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් නොව මෙම මව්ලවි වරයා බවට බලවත් සැකයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.

සහරාන් මරාගෙන මැරුණු ත්‍රස්ත කණ්ඩායමේ නායකයා පමණක් විය හැකි යැයිද පොලිසිය කියා සිටී.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමර්ශනය කරමින් පවතී.