බොර දියේ මාළු බාන ඩිපෝ අධිකාරි වරු

අපේ‍්‍රල් 21 වන දා පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්තාන ගණනාවකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් බොහෝ දෙනෙක් පවිපතට පත් වූ අතර ඔවුන්ට උදවු වීම සදහා බොහෝ දෙනෙක් ඉදිරිපත් විය. නමුත් මේ අවස්ථාව තම පුද්ගලික වාසි සදහා යොදා ගැනීමට සමහර ආයතන නිලදාරීන් කටයුතු කරන බවට අපට සැල විය.

මෙම අනපෙක්ශිත සිදුවීම ලංකාවේ ප්‍රවාහන සේවයට බරපතල ලෙස බලපෑ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩකලයේ ආදායම අති විශාල ප්‍රමාණයකින් අඩුවිය. නමුත් මේ තත්ව අතරේ උඩදුම්බර ඩිපෝවේ අධිකාරී වරයා සියලු සේවකයන්ගේ පඩියෙන් රුපියල් 500ක මුදලක් කැපීමට තීරණය කර තිබේ. මේ පිළිඹදව සේවකයින් විමසා සිටින විට ඔහු පවසා ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් අයට ආධාර සදහා මෙම මුදල් එකතු කරන බවටයි. නමුත් එවැන්නක් වෙන කිසිදු ඩිපොවකින් සිදු නොකර අති බවත්, මෙයට විරුද්ධව කතා කල සේවකයින් හට ඩිපො අධිකාරී වරයා බැන වැදී ඇති බවටත් උඩදුම්බර ඩිපෝ සේවකයින් thetruth.lk අප හට පවසා සිටියා. තවද මේ සිද්දිය අමාත්‍ය වරයාට ද දැන්වීමට කටයුතු යොදන බවට ඔවුන් අප හට සදහන් කර සිටියා.