ධුර කාලය ගැන අහන්න ජනාධිපති උසාවි නොයයි..

තම ජනාධිපති ධුර කාලය ආරම්භ වීම හා අවසන් වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා හෝ ශ‍්‍රීලනිපය තීරණය කර නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ‍්‍රීලනිපයේ ඇතැම් පිරිසකට ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවක් ඇතත් මෙතෙක් ජනාධිපතිවරයා ඒ ගැන කිසිදු ප‍්‍රකාශයක් කර නැතැයිද ඔහු පැවසීය.

මහ මැතිවරණයක් කලින් පවත්වා ජනාධිපතිවරණය කල් දමා ගැනීමට ඇතැමුනට උවමනා වීම මත එවන් ප‍්‍රකාශ කරන බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කලේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.