මාකදුරේ මධුෂ්ගේ සැප දුක බලන්න අවුරුදු නිවාඩුවට දේශපාලඥයෙක් ඩුබායි ගිහින්..

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසගේ සැප දුක් බැලීම සදහා මෙරට දේශපාලඥයෙක් ඩුබායිහිදී උත්සාහ දරා ඇති බව සමාජ ජාලවල වාර්තා පල වෙයි.අවුරුදු නිවාඩුව ගත කිරීමට විදෙස් ගමනාන්තයක් වෙත යන අතරමගදී ඩුබායිහිදී ඔහු විසින් මෙම උත්සාහය දරා ඇති බව සදහන්ය.

මාකදුරේ මධුෂ් මුණ ගැසීමට උත්සාහ කලේද නැතොත් එහි සිටින අමල් පෙරේරා හෝ වෙනත් අයෙක් මුණ ගැසීමට උත්සාහ කලේදැයි සදහනක් නැත.

කෙසේ වෙතත් ඔහු එම මුණ ගැසීම සිදු කලේද නැද්ද යන්න ගැන වැඩිදුර තොරතුරු සදහන් නොවේ.