ඔඩෙල් රෙදි හොරකම් කරද්දී පියුමි හංසමාලි මාට්ටුවෙලා.. අල්ලාගෙන දණගස්සවයි… [Photo]

සුප්‍රකට ඔඩෙල් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයෙන් ඇඳුම් හොරකම් කරද්දී තමන් හසු වූ බව නිරූපන ශිල්පීන් පියුමි හංසමාලි සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර තිබෙන්නේ එසේ අල්ලා ගැනීමෙන් පසුව දණගස්වා හිරේ දැමූ බවයි.

තමන් වැරදි නිසා වරද භාර ගෙන තමන් කූඩුවට ගිය බවද ඇය කියා සිටී.

නමුත් වාර්තාවන තොරතුරු අනුව මෙය ඇය කිසියම් ගීත වීඩියෝවක් සඳහා සිදුකරන රංගනයකි.

කෙසේ වෙතත් මීට පෙර මේ ආකාරයේ සිදුවීමක් වූ සහෝදර රංගන ශිල්පිනියක ඉලක්ක කරමින් ඇය විසින් මෙම උපහාසාත්මක පල කිරීම සිදුකර ඇති බව ඊට දක්වා ඇති ප්‍රතිචාරයන්හි දැක්වෙයි.