කිරිපිටි පරීක්ෂණ වාර්තාව හමුවේ ඇන්කර් සමාගම නිහඩයි – වස කිරිපිටි නොගේනාවනම් ඇත්ත සඟවන්නේ ඇයි?

මේ දිනවල ආනයනික කිරිපිටි පිළිබඳව රටේ ආන්දෝලනාත්මක තත්වයක් පවතින බව ඔබ සැමදෙනා දන්නා කරුණක්. සමාජයේ ඇතිව තිබෙන මේ තත්වයට හේතුව පසුගියදා අමාත්‍ය බුද්ධික පතිරණ ඇමතිවරයා සිදුකල හෙළිදරව්වක් වන අතර මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුලද විවිධ අමාත්‍යවරුන් අදහස් දවමින් එක එක කතා කියමින් සිටිනවා විනා ජනතාවට ඇත්ත හෙළිකරන්නට නිසි ක්‍රමවේදයක් යොදා නැත. සෞක්‍ය ඇමති රාජිත සේනාරත්නද බහුජාතික පිටිකිරි කොම්පැනි වල පැත්තට කතා කරමින් ඔහුගේ ජනතා වගකීම පැහැර හරිමින් සිටි.

මෙවන් පසුබිමක ජනතාවට ඇත්ත හෙලිකිරීම වගකීම කරගත් සමාජ මාධ්‍ය ජාලයක් වන අප අපගේ වගකීම ඉටු කරමින් පසුගියදා ප්‍රකාශ කලේ ඇන්කර් කිරිපිටි සමාගමේ නිෂ්පාදන පිළිබඳව ඇමරිකානු කිරිපිටි සමාගමකින් පරීක්ෂණ වාර්තාවක් ලබාගෙන එම සමාගමේ ආනයනික කිරිපිටි පිළිබඳව ඇත්ත තොරතුරු ජනතාව වෙත සපයන්නට සුදානම් බවයි. එම වාර්තා සියල්ල මේ වනවිට අදාල පරීක්ෂන ආයතන විසින් අප වෙත ලබා දී තිබෙනේ එම කිරිපිටි සාම්පල වල අඩංගු ද්‍රව්‍ය පිළිබඳව සියලු දත්ත සමගින්.

එය ජනගත කිරීමට ප්‍රථම අප ඇන්කර් සමාගම එසේත් නැත්නම් fonterra brands lanka ltd. සමාගම විසින් ආනයනය කරන නිෂ්පාදන පිළිබඳව සහ ඒවගේ අන්තර්ගත සංඝටක පිළිබඳව නිල වාර්තාවක් ලබා ගැනීමට උත්සාහ කලේ ඇන්කර් සමාගම සිය නිෂ්පාදනවල තිබෙනවාය කියන සංඝටක සහ සැබවින්ම ඔවුන්ගේ නිෂ්පාදන වල තිබෙන සංඝටක සංසන්දනය කොට  ඉදිරිපත් කිරීමටයි. වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඇන්කර් සමාගමේ නිෂාදන පිළිබඳව ඔවුන් ජනතාව දැනුවත් කරන්නේ කෙසේද යන්න ඔවුන්ගෙන්ම දැන ගැනීම අපගේ වගකීමක් යැයි අප සිතන බැවිනි.

අප බොහෝ වාරයක් උත්සහ කලද ඔවුන්ගේ වෙබ් අඩවියේ ලබාදී ඇති විද්‍යුත් තැපෑල වන fbl.communications@fonterra.com ට මේ පිළිබඳව කරුණු විමසා ලිපියක් යොමු කල අතර 0112488255 දුරකථන අංකයද අමතා තොරතුරු ලබා ගැනීමට බොහෝ වාරයක් උත්සහ කළෙමු. එහිදී ඔවුන්ගේ නියෝජිතවරියක් කෙටි පණිවුඩක් ඔස්සේ ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ amali.fernando@ogilvy.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට අවශ්‍ය තොරතුරු සඳහන් කරමින් ඊ මේල් පණිවුඩයක් එවන ලෙසටයි. එම කෙටි පණිවුඩය පහතින්.

ඒ අනුව අප පහත දැක්වෙන ලිපිය යොමු කළෙමු…

 

දැනට මාසයක පමණ කාලයක් ගතව ඇතත් අඩුම තරමේ ඔවුන්ගේ නිෂ්පාදන පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇන්කර් සමාගමට හැකියාවක් නොලැබීම කණගාටුවට කරුණකි.

ගැටළුව ඇත්තේ ඔවුන් විකුණන නිෂ්පාදන පිළිබඳව ජනතාවට දැනුවත් වීමට හෝ අවකාශයක් ලබා නොදෙන මෙවන් බහුජාතික සමාගම් වලට රටේ ජනතාවගේ ජිවිත වල පෝෂණය භාර දෙන්නේ කෙසේද යන්නයි. මේවා පිළිබඳව අදාළ බලධාරීන් කිසිවෙක් කතා නොකරන්නේ මේ බහුජාතික සමාගම් අදාල නිලධාරින්ද සමාගමේ රැහැනට හසු කොටගෙන ඇති පසුබිමක වන අතර රටේ හැම කුනුගොඩක්ම හොයන ජරා මාධ්‍ය කිසිවක් ජන ජිවිතයට බැඳී පවතින මෙවන් දේවල් වාර්තා නොකරන්නේද අදාල සමාගම් තරහා කරගතහොත් ඔවුන්ට ලැබෙන දැන්වීම් නැතිවන නිසා බවද දන්නෝ දනිති.

අවසානයේ අපට මෙන්ම ජනතාවට සිතන්නට වන්නේ මෙසේ ඇන්කර් සමගම සැඟවෙන්නට උත්සාහ කරන්නේ ඔවුන් සැබවින්ම ගෙන්වා බෙදා හරින්නේ වස විස සහිත කිරි පිටි වර්ග හේතුවන්ද?
නැතිනම් දේශපාලකයින්, නිලධාරීන්, මාධ්‍ය ආයතන සියල්ල මිලට ගත්තා මෙන් ජනතාවගේ පුරවැසි මාධ්‍ය වන සමාජ මාධ්‍යද සිය මුදල් බලයට යටත් කර ගැනීමේ අභිප්‍රායෙන්ද? යන්නයි…

කිරිපිටි පරික්ෂාවට අප සුදානම් බවට අප විසින් මිට පෙර පල කල පුවත පහලින්…

කිරිපිටි ප්‍රෝඩාව හෙළිකිරීමට අප සුදානම් – පරීක්ෂණ සිදුකිරීම සඳහා ඇමරිකානු පර්යේෂනාගාගාරයක් වෙත!