“ඔබත් රැවටුනාද?” එලවලු මල්ල බිම දමා මිනිසුන්ගේ අනුකම්පාවෙන් මුදල් ගරනා ජාවාරම්කරුවෙක්!PHOTOS

ශ්‍රී ලංකාවේ යාචක ව්‍යාපාරය මෙරට වැඩිපුරම ලාභ ලබනා ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශයන්ගේ යාචක ව්‍යාපාරය මෙහෙයවන්නේද සංවිධානාත්මක යාචක ව්‍යාපාරිකයන් පිරිසක් විසින් බව කියවේ. ඔවුන් යාචකයන් නඩත්තු කරමින් ඔවුන්ට රාජකාරී ස්ථානායක් සහ වේලාවක් ලබා දී එම යාචකයා ලවා එම ස්ථානයේ යාචක වෘත්තීයේ යොදවයි. එහිදි ලැබේනා ආදායම අදාල යාචක ව්‍යාපාරිකයන් විසින් ලබා ගන්නා බව කියවේ.

මෙවැනි ජාවාරමක් සිදු කරමින් යාචක වෘත්තීයේ යෙදෙන පුද්ගලයෙක් පිළිබඳ පසුගිය දිනවල සමාජජාලා මාධ්‍යයන්හී දැඩි ලෙස කතාබහට ලක්විය. එනම් තමන් සතු වූ සහල් ආදී භාණ්ඩ අඩංගූ බෑගයක් මිනිසුන් ඉදිරිපිට බිම වැටීමට සලස්වා බලා සිටිනා  පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා ජාවාරම්කරුවෙකි.

මෙම පුද්ගලයා පිළිබඳ නැවත වතාවක් සමාජජාලා මාධ්‍යයේ කතාබහට ලක්ව තිබේ.

එවැනි සටහනක් පහතින්,

//අර එලවලු මල්ල බිම හලාගෙන අඩන එකා මේ දැන් පෑලියගොඩ ඉන්නවා. මේ වගේ කාලක්ණ්නි ප්‍රයෝජනයට ගන්නෙ තව මිනිහෙක් කරදරේක වැටිල ඉන්න කොට හිත් උණු වෙන බෝසත් ගුණය. ඇත්තටම මිනිහෙක් කරදරේක වැටිලා හිටියත් උදව් කරන්න දෙපාරක් මිනිස්සු පෙලඹෙන්නෙ මේ වගේ කාලක්ණ්නින්ගෙ වැඩ නිසා. හොඳවයින් දෙක තුනක් කියපු ගමන් මූ මාරැ උනා. ( මේ මාසෙට දෙපාරක් අහු උනා මෙහෙම රඟපානවා )//