‘‘මම හිතුවෙ නෑ අපේ තාත්තා ඒ වගේ කෙනෙක් කියලා, අම්මා හිරේ ගියෙත් තාත්තා ආරක්ෂා කරන්න ගිහින්‘‘ කුඩ්ඩෙක් නොවී වැඩ්ඩෙක් වුන පොඩ්ඩෙකුගේ සංවේදී කතාව…! (VIDEO)

කුඩා කාලයේ සිටම අනේක විද බාධක මැද තම අධ්‍යාපන කටයුුතු සාර්ථක කර ගන්නනට විශාල කැප කිරීමක් කළ පාසල් සිසුවෙකු පිළිබඳ අපට මුණ ගැසුනා.

තම පියා සහ සහෝදරයින් විසින් සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ගම්වැසියන්ගේද අපහාස උපහාස විඳි මේ සිසුවාට තම මවද අහිමි වන්නේ පියා ආරක්ෂා කර ගැනීමට ගොස් නීතියේ රැහැනට කොටුවීමත් සමඟයි. සිසුවාගේ පියා සිදුකරගෙන ගිය කුඩු ජාවාරම නිසා දරුවාගේ මව අත්අඩංගුවට පත්ව ඇති අතර  බන්ධනාගාරය තුලදී දියවැඩියාව සහ මී උණ නිසා මිය ගොස් තිබෙනවා.

කෙසේ නමුත් දහසකුත් බාධක මැද ප්‍රදේශවාසීන්ගේද අපහාස උපහාස මැද තම සාර්ථකත්වය සොයා ගිය මේ සිසුවා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද ඉහළ සාමාර්ථ ලබා ගනිමින් සමස්ථ සමාජයට විශාල ආදර්ශයක් ලබා දී තිබෙනවා.

මේ ඔහුගේ සංවේදී කතාවයි.

නෙත් ගොසිප්