‘‘පිළිකාවක් නිසා කන්න බොන්නවත් බැරි මිනිසෙකුට නැවත ජීවය දුන් විශ්මිත සැත්කම‘‘ කිසිඳු කැපුමකින් තොරව ලංකාවේ ප්‍රථම සැත්කම සිදුකළ හැටි..! (EXCLUSIVE VIDEO)

පසුගිය කාලය පුරාවටම ලෝකය පුදුම කරවමින් අපේ රටේ වෛද්‍යවරු විශ්මිත සැත්කම් කිහිපයක්ම කරා. එවැනිම වූ තවත් විශ්මිත සැත්කමක් හෝමාගම රජයේ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් පසුගියදා සාර්ථකව සිදුකරේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ තවත් වැදගත් සංධිස්ථානයක් පසු කරමින්.

උගුර ආශ්‍රිතව වර්ධනය වූ පිළිකාවක් හේතුවෙන් ආහාර පාන ගැනීමට නොහැකිව ජීවිත අවදානමක පසු වූ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් නියාස් නමැති පනස් හය හැවිරිදි පුද්ගලයෙකුගේ කිසිදු කැපුමකින් තොරව එම පිළිකාව ඉවත් කරමින් ඔහුට සුවය ලබා දුන් මෙම සැත්කම සඳහා ‘ට්‍රාන්ස්ඕරල් එන්ඩස්කොපික් අල්ට්‍රාසොනික්’ තාක්ෂණය යොදාගෙන තිබෙනවා.

එසේම සැත්කමට භාජනය වූ රෝගියා සැත්කමින් පැය දෙකකට පසුව ඉතා හොඳ තත්ත්වයකට පත්ව කතා බහ කළ බවද සඳහන්.

මේ එම සැත්කමෙන් පසු හෝමාගම රජයේ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා නෙත් ගොසිප් සමඟ මෙලෙස අදහස් පළකළා.

නෙත් ගොසිප්