ඉදිරි මහ මැතිවරණය සදහා අගමැති අපේක්ෂකයා කවුදැයි තෝරා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයක් වහා කැඳවන්නැයි එජාප පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත්රීවරුන් පිරිසක් ඉල්ලා ඇත.
පක්ස මහ ලේකම් අකිලි විරාජ් කාරියවසම් මහතා වෙත යොමු කර ඇති මෙම ලිපියේ පිටපතක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාටද යොමු කර ඇත.
මෙම ඉල්ලීම ලිඛිතව කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 03ක්, පළාත් සභා මන්ත්රීවරුන් 24ක්, පළාත් පාලන මන්ත්රීවරුන් 43දෙනෙකුගේ අත්සනිනි.
එජාපයේ ප්රජාතන්ත්රවාදය රැකගෙන පක්ෂය ශක්තිමත් කිරීමට සම්මේලනයක් කැදවා ඔවුනගේ බහුතර ඡුන්දයෙන් අගමැති අපේක්ෂකයා පත් කල යුතු බව ලිපියේ දැක්වෙයි.