නමෝනාරායන වාලම්පූරි නිසා කීර්තිගේ කීර්තිය නැතිවෙයි..! ජනතාව රවටා ලක්ෂ ගණනින් මුදල් හොයන වාලම්පූරි මුදලාලිගේ ඇත්ත මෙන්න..! (VIDEO)

ජනතාවට සෞභාග්‍ය උදාකරදෙන බව පවසමින් වාලම්පුරි අළෙවිකර ජනතාව මුලා කරන කීර්ති දිසානායක නැමැත්තා සිදුකරන මහා පරිමාන වංචාව පිළිබඳ නෙත්.එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේ මීට කලකට ඉහතදීද ජනතාව දැනුවත් කරා. කෙසේ නමුත් මාධ්‍ය ආයතනවලට  මුදල් ගෙවමින් තම කූට ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ජනතාව විශාල ලෙස මුලාකරන ඔහු පිළිබඳව අද (15) දිනයේදී  ජනතාව දැනුවත් කරේ ඔහුගෙන් මිලදීගත් වාලම්පූරියක් නාරා ආයතනයේ පරීක්ෂණ වාර්තාවක්ද ලබා ගනිමින්.

එහිදී නමෝ නාරායන ආයතනයෙන් මිලදීගත් වාලම්පූරියක්  නෙත්.එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම විසින් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය වෙත ලබා දී එහි පරීක්ෂණ වාර්තාවක් ලබා ගත් අතර එමගින් තහවුරු වුනේ එය Busycon Contraium යන මුහුදු බෙල්ලන් විශේෂයක් බවයි.

ඒ අනුව නෙත්.එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම අද දිනයේදී ඔහු විසින් කරන කූට ව්‍යාපාරය පිළිබඳ සාක්ෂි සහිතව මෙරට ජනතාව වෙනුවෙන් කරුණු හෙළිකරා. එහිදී ඔහුගේ සේවාව ලබාගෙන මුදල් විනාශකරගත් බොහෝ දෙනෙකු අප සමඟ අදහස් දක්වමින් සිය අත්දැකීම් ප්‍රකාශ කලා.

අදාල වීඩියෝව පහතින්.

පිරිමියගෙ වලිගෙ දිගයි,මෙයාගෙ බඩ ලොකුයි (Video)

පිරිමියගෙ වලිගෙ දිගයි,මෙයාගෙ බඩ ලොකුයි (Video)#namo_narayanaya_center

Posted by Neth FM Balumgala on Sunday, October 14, 2018

නෙත් නිව්ස්