“ලංකාව එක්ක ක්‍රිකට්, ප්‍රැක්ටිස් මැච් වගේ ලේසියි.”- AB ගේ අඩි පාරේ ගිය සුපිරි ඉන්දීය ක්‍රිකට් තරුවත් ලංකාවට කින්ඩි දමයි.

සමහර විදෙස් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අවමන් කරන්න ගිහින් ඉල්ලන් කනවා. ඒකට හොඳම උදාහරණය තමයි AB ඩිවිලියස්. ලංකාව එක්ක සෙල්ලම් කරන එක Off Season වගේ කියලයි ඩිවිලියස් කිව්වේ.

හැබැයි පහුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී දකුණු අප්‍රිකාවට Off Season පෙන්වන්න ලංකාව සමත් වුණා. දැන් තවත් විදෙස් ක්‍රිකට් විචාරකයෙක් කට වරද්දාගෙන තියෙනවා. ඒ හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙන්ම විචාරකයෙකුද වන සුනිල් ගවස්කාර්.

දකුණු අප්‍රිකාව එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ඉන්දියානු කණ්ඩායමට තිබෙන විශාලම අභියෝගය කියලා ගවස්කාර් කියනවා. ඒ වගේම ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දිය කොදෙව් යන කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීම පුහුණු තරඟ ක්‍රීඩා කිරීම හා සමානයි කියලා ඔහු අපහාස කරනවා.

“අප දන්නවා ඉන්දියාවට විශාලම අභියොගය ඇත්තේ එංගලන්ත දකුණු අප්‍රිකා සහ ඔස්ට්‍රෙිලියානු සංචාර වලදී.මේ තරඟාවලියන්ට පෙර ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමගමයි.ඒවා හරියට පුහුණු තරඟ වාගෙයි” කියලයි ඉන්දියානු විචාරකයා සඳහන් කරන්නේ.

ඉන්දීය ක්‍රිකට් විචාරකයාගේ මේ කට කැඩිච්ච කතාවට හොඳ පිළිතුරක් දෙන්න එළඹෙන ආසියානු කුසලානයේදී ලංකාවට අවස්ථාවක් ලැබෙනවා.

Courtesy-24.siyathafm.lk