තමන්ගේ අරලිය වෙඩිම ගැන හසන්ත සියල්ල කියයි.. චෝදනා අටපට්ටම්..

තමන්ගේ විවාහ මංගල උත්සව පවත්වන ලද්දේ අරලිය ගහ මන්දිරයේ යයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රවීණ මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චි අදහස් පල කරයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ තම විවාහය සදහා අත්සන් තැබීම පමණක් එහිදී සිදු වූ බවයි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

විශේෂ පැහැදිලි කිරීමයි.

මෙ පැහැදිලි කිරිම මගෙ විවාහයට අත්සන් තැබිමෙ අවස්ථාව ගැනයි.

මගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබුවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතාත් ය. කාර්යබහුලත්වය හෝ ආරක්ෂක හේතුන් මත හෝ හිටපු ජනාධිපතිතුමා සාක්ෂියට අත්සන් තැබිමට ජනාධිපති මන්දිරයට පැමිණිය හැකිදැයි විමසීය.

එහි වරදක් නොවු නිසාත් ඊට පෙර එවැනි අත්සන් තැබිම් සිය ගණනක් ඒ ආකාරයෙන් ජනාධිපති මන්දිරයෙ සහ අරලියගහ මන්දිරයේ සිදු වී ඇති නිසාත් විවාහයට අත්සන් තැබීම සඳහා අදාල නැකැත් වෙලාවට ජනාධිපති මන්දිරයට ගියෙමු.

එය කිසිසේත් විවාහ මංගලෝත්සවයක් නොවු අතර සහභාගි වුයේ නෑහිතවතුන් 20 දෙනෙකු පමණ වන පිරිසකි. විවිධ රාජකාරි කීපයකට පැමිණ සිටි ප්‍රභුන් කීප දෙනෙකුද ඒ අවස්ථාවට සහභාගී විය.

සාක්ෂියට අත්සන් තැබු හිටපු ජනාධිපතිතුමා ” ලොකු සංග්‍රහයක් නෑ. කිරිබත් කෑල්ලක් කමු.” යැයි ආරාධනා කළේය. එය සාම්ප්‍රදායිකව සිරිතක් වශයෙන් කරන සාමාන්‍ය සංග්‍රහයකි. මේ සියල්ලට ගතවුයේ ම්නිත්තු 45ක පමණ කාලයකි. එදින නැකැත් දිනයක් වු නිසා එහි තවත් අත්සන් තැබීම් තිබෙන්නට ඇත.

මෙයට සාවද්‍ය අර්ථකථනයන් ඉදිරිපත් නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

– හසන්ත හෙට්ටිආරච්චි

උපුටා ගැනීම ලංකා සි නිව්ස්