‘ගන්නවා නම් කාර් එකත් එක්ක ගන්න‘ – මන්ත්‍රී කුමාර වෙල්ගමගේ අලුත්ම කාර් එකේ PRE SHOOT එක මෙන්න (VIDEO)

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිවසේ ඊයේ (28) පැවැත්වුණා.

ඊට උදය උගම්මන්පිල කුමාර වෙල්ගම දිනේෂ් ගුණවර්ධන වාසුදේව නානයක්කාර ඇතුළු මන්ත්‍රීරුන් පිරිසක් එක්ව සිටියා.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැමිණ සිටියේ නවීන පන්නයේ මෝටර් රථයකින්. එහිදී අමාත්‍යවරයා එම මොටර් රථයේ නවීන අංගෝපාංග ක්‍රියා කරන ආකාරය මාධ්‍යෙව්දීන් වෙත ගෙනහැර දැක්වූයේ ‘ගන්නවා නම් ගන්න කාර් එකත් එක්ක‘ යැයි කියිමිනි.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙම මොටර් රථය කොපමණ මිලක් වනවාද යන්නයි.

නෑ මේක පරණ වාහානයක්.අපේ තාත්තා පරණ ලොරිකාරයෙක්නේ.එදා ඉඳලා අපි මේ වාහන වලට කැමැතියි.මං දන්නෑ ඉතින් අර පාර්ලමේන්තුවෙත් දෙනවනේ අපිට පර්මිට්. එයින් එකකට ගන්න පුලුවන්

වීඩියෝව පහතින් නරඹන්න..

Courtesy-nethgossip.lk