රස නහර පිනවූ කෝලම් නාට්‍ය සහ සමාජය

වේශධාරී රංගනය හෙවත් කෝලම් නැටීම අති පුරාණයේ පටන් පවත්නා කලාවකි. ලීයෙන් පිළිම පෙතිකඩ ආදිය නෙළීම ඇරඹීම නිසා ද සඳ කිඳුරු, මනමේ ආදී ජාතක කථා කෝලම් ලෙස රඟ දැක්‌වීමට පටන් ගැනීම නිසා ද වෙස්‌මුහුණු කලාවට බෞද්ධාගම ද එක අතකින් රුකුලක්‌ විය. සිනමාව රූපවාහිනිය ආදිය ඇතිවන්නට පෙර අප ජනීජනයාට කලා රසය හා විනෝද ආශ්වාදය ලබා දීමට ද එය පිටිවහලක්‌ විය.

විශේෂයෙන් එදා පහතරට ධීවර ජනතාවටම උරුම වූ කෝලම් රංගනයට සතියක්‌ පමණ කලින් ඔවුන් ඒ සඳහා සූදානම් වූහ. රංගනය නැරඹීමට පැමිණෙන සියල්ලන් විසින් රංගන ශිල්පීන්ට ඉතාමත් ගෞරවයෙන් සැලකූ අතර ඔවුන්ට පොදුවේ සියලුම ගම්වැසියන් අනගි සහායක්‌ ලබා දුන් අතර කෝලම් මඩුව සැකසීමට අවශ්‍ය සියලු දෑ (කෙසෙල් කඳන්, ගොක්‌ අතු, ගොරකා අතු, බුරුල්ලා කොළ, විලක්‌කු, පන්දම්, පහන්, මල්, පිරුවට, කෑම බීම) අෙන්‍යාන්‍ය සහයෝගයෙන් සපුරා දී ඇත. එදා පහත රටින් ගොස්‌ උඩරට තේ වතුවල දෙතුන් මහල් තේ කම්හල් ස්‌ටෝරු තනා උපයා ගත් ධනය රැගෙන සිංහල අවුරුද්දට ගමට පැමිණි වඩු කාර්මික බාස්‌වරුන් නිසා මෙම කෝලම් රඟ දැක්‌වීම දියුණුවට පත් විය.

පහතරට තෙත් ගොවිබිම් ආශ්‍රිතව වැවෙන වෙල් කඳුරු වෙස්‌මුහුණු කැපීම සඳහා යොදා ගැනේ. මෘදු සැහැල්ලු කැපීමට පහසු මෙම දැවය තද ගතියෙන් යුක්‌ත නොවන නිසා කැටයමට ඉතාමත්ම සුදුසු ය. තවද මෙම දැවයෙන් නිමවන වෙස්‌ මුහුණු ඉතාමත් සැහැල්ලු නිසා පැළඳගෙන නැටීමද අපහසු නොවේ. මෙම දැවය කෘමීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සහ කල් පැවැත්ම සඳහා දුමට දමා දුම්ගස්‌සා ගනී. නාග රාක්‍ෂ, ගුරුළු රාක්‍ෂ, මරු රාක්‍ෂ, පූර්ණක රාක්‍ෂ, සුරඹාවල්ලි වැනි වෙස්‌මුහුණු කැපීමේදී

පැරැන්නන් ඒ ඒ මුහුණට අදාළ ඇඹුන් කවි උපයෝගී කර ගෙන ඇත.

ගුරුළු රාක්‍ෂ මුහුණ කැපීමේදී භාවිත කළ එක්‌ කවියකි මේ.

මුදුන සදී ඔටුණු
සිරස නයි පෙන තුන කිණු
ගැසූ හඬ අකුණු
ඒය ගුරුළෙක්‌ මෙසැටි ලකුණු

ඒවාගේම

දෑතින් පන්දු ගෙන
අහසට දමා අල්ලන
මේ සබ තුළ නටන
සුරඹා වල්ලිය බලන් සතොසින

සුරඹා වල්ලිය මුහුණ කැපීමේදී උපයෝගී කරගත් එක්‌ කවියකි.

මෙයට අමතරව අප රට විදේශීය යටත් විජිතයක්‌ව පැවැති සමයේ පාලකයන්ගේ නොමනා ක්‍රියාවන් විවේචනය කිරීම සඳහා අඬබෙරකරු, හේවායන් (සොල්දාදුවන්) මුදලි, ආරච්චි, පොලිස්‌, ලියන මහත්වරු, ජසයා සහ ලෙන්චිනා (රෙදි අපුල්ලන්නන්) යනාදී චරිත උද්දීපනය කර දැක්‌වීම සඳහා වෙස්‌මුහුණු නිර්මාණය කරන ලද්දේ ගුරු පොත් හෝ ආදර්ශ රූප මගින් නොව වෙස්‌මුහුණු නිර්මාණකරුවා එම ස්‌වභාව ලීලාවන් තම සිත තුළම තබා ගෙනය. විශේෂයෙන් හාස්‍යය රසයට මුල්තැනක්‌ දී මෙම මුහුණු නිර්මාණය කර ඇති බව පෙනේ.

වෙස්‌ මුහුණු පින්තාරු කිරීමේදී ද අවශ්‍ය පින්සල් සකසා ගන්නේ වැටකෙයියා ගසේ මුල් සහ සත්ව ලෝම කෙඳි ආශ්‍රයෙනි. එමෙන්ම අවශ්‍ය වර්ණ ද ඔවුන් සකසා ගන්නේ අවට පරිසරයේ ඇති සාදලිංගම්, හිරිගල්, ගුරුගල්, මකුළු, ලාඩප්පා කොල, බෝවිටියා, පොල්කටු අඟුරු යනාදියෙනි.

කෝලම් නාට්‍ය කලාව කවදා කොතනකින් ආරම්භ වී දැයි පැවසීමට පැහැදිලි සාක්‍ෂි මද වුවද, ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක්‌ පුරා පහතරට මුහුදුබඩ පළාත්වල රඟ දැක්‌වේ. අම්බලන්ගොඩ, මිරිස්‌ස, බෙන්තර ඒ අතරින් ප්‍රධාන වෙයි. කෙසේ වුවද ජනප්‍රවාද ගත තොරතුරු අනුව කෝලම්වල උපත දොළදුකක්‌ මුල් කරගෙන නිර්මාණය වූවකි. ස්‌ත්‍රියකගේ කුස තුළ දරු ගැබක්‌ හටගත් විට සමහර ස්‌ත්‍රීන්ට අඹ, බිලිං, සියඹලා වැනි ඇඹුල් රසැති ආහාර ද සමහර ස්‌ත්‍රීන්ට කරදිය මසුන්, මිරිදිය මසුන් වැනි දෑ ද කෑමට ආශා ඇති වේ. මේ ආකාරයෙන් පෙර කල මහා සම්මත රජුගේ බිසව ද ගැබ්බර වූ අවස්‌ථාවේ ඇයට ඇති වූ දොළදුක නම් විසුළු කෙළි නැටුම් දැකීමේ ආශාවයි.

ඒ සමයෙහි එවන් සිනහා උපදවන නැටුම් පිළිබඳ දත් අයෙකු නොසිටි බැවින් බිසවගේ දොළදුක ඉතා උත්සන්න වී රජු ඇතුළු මුළු රාජ සභාවම මහත් අසීරුතාවකට පත්වූහ. වහා ක්‍රියාත්මක වූ රජ රාජවාසල අඬබෙරකරු ලවා බිසවගේ දොළදුක සංසිඳවිය හැකි යම් අයෙකු ඇතොත් වහා ඉදිරිපත් වන ලෙසට අණබෙරයක්‌ රට පුරා යෑවීය. එයිනිදු ඵලක්‌ නොවූ කල රජු මහත් දොම්නසින් පසුවිය. මේ අවස්‌ථාවේ සදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මේ දුක දැක දෙව් ලොව නැටුමට සහ මැවීමට අධිපති විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් වෙස්‌ මුහුණු සහ ඒවා රඟ දක්‌වන ආකාර සහිත ගීත ගායනාවන්ගෙන් යුත් පිටපත් රාජකීය උද්‍යානයේ තබන ලද්දේය. එයට පසුදින රාජකීය උද්‍යානයේ සේවයේ යෙදී සිටි රාජ පුරුෂයෙකුට මෙම දැවමය වෙස්‌මුහුණු සහ පෙළ සහිත පුස්‌ථක හමුවිය. මේ බව සැලවීමෙන් මහත් සොම්නසට පත් වූ රජු රටවැසියන් කීපදෙනෙකු කැඳවා නැටුම් ඉදිරිපත් කිරීමට අණ කරන ලදී. මෙම රංගනයන් දුටු රාජ බිසවගේ දොළදුක සංසිදී ගිය බව ජනප්‍රවාදයේ එයි. මෙම රංගනයන් හේතුවෙන් බිසවගේ දොළදුක සංසිදුනා පමණක්‌ නොව නව්‍ය වූ නාට්‍ය කලාවක මූලාරම්භය ද ඉන් ඇතිවිය. එය කෝලම් නැටුම් නමින් පසුව ප්‍රසිද්ධියට පත් විය.

කෝලම් නැටුම් වලින් හාස්‍ය උපදවන අතර යටත් විජිතවාදී යුගයේ සිංහල සමාජය විදහා දක්‌වයි. රජ යටතේ සේවය කර ඇති සියලුම උසස්‌ සහ පහත් නිලධාරීන්ගේ නොමනා සදය විවේචනයට ලක්‌ කරයි. මහා සම්මත රජ සහ බිසවගේ සම්ප්‍රාප්තිය මූලික කරගෙන සකස්‌ කර ඇති කෝලම් විවිධ චරිත රාශියකින් සමන්විත වී ඇත.

කෙසෙල් බඩ, ගොක්‌ අතු, හඹුරු කොල, පුවක්‌ මල්, පොල් මල්, මැටි පහන්, පන්දම් විලක්‌කු ආදියෙන් මල් යහන් සාදා අලංකාර කර ඇති රඟ මඩල ඉතාමත් දර්ශනීය ස්‌වභාවයක්‌ ගනී. ගොරකා අතු දෙකක්‌ සිටුවා පුවක්‌ කොළ වලින් වර්ණවත් කර ඇති වෙස්‌සත්ත පිටුපස සිට එහි දෙපසින් සියලුම කෝලම් රංගන ශිල්පීන් ඉඟි බිඟි පාමින් රඟ මඬලට පැමිණේ. මෙම රඟ මඩල තානායම් පොළ නමින් ද හැඳින්වේ.

බුදුන් වැඳ පහන් දල්වා දෙවියන්ට පින් දී ස්‌තෝත්‍ර ගායනා කර බෙරකරුවන්ගේ මඟුල් බෙර වාදන සහ සක්‌ පිඹින්නන්ගේ හඬින් මුළු රඟ මඩලම ගිගුරුම් දෙමින් කෝලම් මඩුව ආරම්භ වේ. යක්‌ බෙරය (පහතරට බෙරය) හොරනෑව සහ කයිතාලම වාද්‍ය භාණ්‌ඩ වශයෙන් උපයෝගී කර ගනී.

කෝලම් මඩුවේ චරිත සමඟ සංවාදයේ යෙදෙමින් එම චරිත ස්‌වභාවයන් වඩාත් තීව්‍ර ලෙස ප්‍රේක්‍ෂකයාට දැන්වීම සඳහා කාරිය කරවන රාල නම් විශේෂිත වූ චරිතයක්‌ කෝලම් මඩුවේ එයි. මොහු සමස්‌ත කෝලම් මඩුව මෙහෙයවන අතර වෙස්‌මුහුණක්‌ නොපළඳියි. කාරියකරවන රාළ ඇතුළු ගායක කණ්‌ඩායම කෝලම් උපතේ කවි ගායනා කිරීමෙන් අනතුරුව පළමුව සබයට පිවිසෙනුයේ අණබෙර කෝලමයි. පහත දැක්‌වෙනුයේ අණබෙර කෝලම් සබයට පිවිසීමට පෙර ගායනා කරනු ලබන පොත් කවියකි.

අතට සැර යටියයි
උරයට දවුල් බෙරයයි
තද මහළු වයසයි
වරෙන් ගුරුනේ රාජ පනතයි

මෙම කවි ගායනා අවසාන වීමෙන් අනතුරුව අණබෙර කෝලම හෙවත් පනික්‌කල සිය දරු කැල පිරිවරා නාට්‍යානුසාර ගමනකින් බෙර පද තාලයට පැමිණේ. අධික ලෙස මත්පැන් පානය කර වෙරිමතින් සිටින මොහු වමනය කරමින් රඟමඩල තුළ ඇද වැටෙයි. මේ අතරතුරු කාරියකරවන රාළ සිදු වී ඇති නස්‌පත්තිය පිළිබඳ දරුවන්ගෙන් විමසා දැන සභාවට පහදා දෙයි. පසුව දරුවන්ගේ මව වන නොන්චි අක්‌කා ගෙන්වා සංවාදයේ යෙදෙයි. දරුවන්ගේත් නොන්චි අක්‌කාගේත් පනික්‌කලගේත් දෙබස්‌ නරඹන්නන්ගේ සිනහවට ලක්‌වන අතරම එමගින් ද ඔවුන්ගේ චරිත වල ඇති අඩුලුහුඩුකම් මෙන්ම පවතින සමාජ ක්‍රමය තුළ ඔවුන්ට බලපා ඇති සමාජීය පීඩනය ද මනාව පෙන්වා දෙයි.

අවසානයේ මහා සම්මත රජ සහ බිසව රඟ මඬලට සම්ප්‍රාප්ත වන බව අණබෙරයකින් සබයට පවසන පනික්‌කල සුද්ධ මාත්‍රා නැටුමක්‌ නටා දරුවන් ද සමඟ සභාවෙන් නික්‌ම යයි.

මීළඟට ගමේ විදාන ආරච්චි සහ ලියන අප්පු රඟ මඬලට පැමිණෙයි. රාජ සභාවේ රජු සහ බිසවට දැන ගැනීම සඳහා කොපමණ සෙනඟක්‌ පැමිණ ඇත්දැයි විමසා ගණන් සටහන් කර ගැනීම ඔවුන්ගේ රාජකාරියයි. ඉතාමත් හාස්‍ය රසය උපදවන දෙබස්‌ සහිත මෙම ජවනිකාවේ ආරච්චිගේ ලිපිකරු වශයෙන් බීමත්ව පැමිණෙන ලියනප්පු පිරිමින් සහ ගැහැනුන් ගණන් ගන්නා අතර ගැබ්බරව සිටින ස්‌ත්‍රීන්ගේ කුසේ සිටින දරුවන් පවා ගණන් ගනී. මෙම ආරච්චි කෝලමට පසුව සබයට පිවිසෙනුයේ පොලිස්‌ කෝලමයි. ඉංග්‍රීසි යටත් විජිත සමයේ පොලිස්‌ නිලධාරීන්ගෙන් තමන්ට සිදු වු තාඩන, පීඩන හේතුවෙන් එම චරිත උපහාසයෙන් යුතුව විවේචනය කිරීමේ අරමුණෙන් කෝලම් නිර්මාණ ශිල්පියා මෙම කෝලම් එක්‌ කර තිබේ.

හේවා කෝලම සභාවට පිවිසෙනුයේ මින් අනතුරුවය. සිංහල රජ දවස හේවායින් සංකේතවත් කරමින් මොවුන් පැමිණෙයි. හේවා කෝලම සබයට එන කවියක්‌ පහත දැක්‌වේ.

අනේ යුද කළ හැටි
කනේ නාසේ ලේ කැටි
ඇලේ කට වැටි වැටී
අනේ හේවා රාළ එන හැටි

රජු පැමිණීමට මත්තෙන් සබේ ආරක්‍ෂාව සොයා බැලීම සඳහා අලංකාර පද තාලයකට වූ නැටුමකින් මොවුන් පැමිණෙයි.

කඩු පාරවල් වැදී කැපුම් තුවාල සහිත හේවා මුහුණුවල කූඩැල්ලන් ද එල්ලී සිටිනා බව දකින කාරියකරවන රාළ ඒ ගැන විමසා සිටියි. ගම්පොල සටනේදී පළිහ වෙනුවට සිය මුහුණ ඇල්ලීමෙන් එසේ වූ බව පවසන හේවායන් ගම්පොල යුද්ධ කළ ආකාරය නාට්‍යානුසාරීව පෙන්වා රසවත් දෙබස්‌ වලින් තානායම් පොල අලංකාර කොට නික්‌ම යයි.

පෙර සිට පැවත එන
සිරිතට පොදිය බැඳ ගෙන
උරපිට තබාගෙන
යෝධ ජසයා ඒය දුවගෙන

යනුවෙන් කවි ගායනා ප්‍රේක්‍ෂක සවනට මුසුවන අතරවාරයේ තම බෑණා සමඟ ජසයා රඟමඬලට පැමිණේ. රජ සහ බිසව ගමන් ගන්නා මාර්ගයේ උඩට උඩුවියන් ද, පයට පාවඩ ද වට තිර ද එල්ලීම ආරම්භ කරයි. මෙම කාර්යය ඉක්‌මනින් සිදුකර ගැනීම සඳහා තම බිරින්දෑ වන ලෙන්චිනා ද කැන්දාගෙන එයි. යම් කාර්යයක්‌ සඳහා එතනින් යන දිස්‌ත්‍රික්‌ ප්‍රධානියා වන මුදලිතුමා රූමත් ලෙන්චිනා දැක ආලයෙන් මත්වී තම ප්‍රධාන කාර්යයන් ද පසෙක ලා මැය හා සංවාදයේ යෙදේ. උකුළු මුකුළු පාමින් ජසයාගේ වැරදි මුදලිතුමා ඉදිරියේ ගෙන හැර පාමින් මුළු සභාවම සිනහවට ලක්‌ කරයි. රජයේ ඉතාමත් ගෞරවාන්විත සේවාවක්‌ කරන මුදලිතුමා අසභ්‍ය ලෙස පහත් ක්‍රියාවන්හි නිරත වෙමින් තම චරිතය ඝාතනය කර ගන්නා ආකාරය මෙම චරිත නිරූපණයන්ගෙන් මනාව පැහැදිලි වේ.

ඉහත සඳහන් අණබෙරකරු, ආරච්චි, හේවායින්, රෙදි සෝදන්නා, මුදලි වැනි සේවක නිලධාරීන් රජුගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් තම තමන්ගෙන් කෙරෙන්නා වූ සේවය අවසන් කර ඇති බැවින් මීළඟට ඇමැති මඬුල්ල පිරිවරා ගත් රාජකීය යුවළගේ පැමිණීම ආරම්භ වෙයි. පන්දමක්‌ දල්වාගත් කාරියකරවන රාළ ඉදිරියෙන් පැමිණෙන අතර එම පන්දම් එළිය ආධාරයෙන් රජ සහ බිසව රඟ මඬලට සැපත් වී නැටුම් නැරඹීම සඳහා අසුන් ගනී.

රජ සහ බිසව ඉදිරියේ පළමුවෙන් ම සිංහ කෝලම රඟ දක්‌වයි. මින් පසු රඟමඬලට පැමිණෙන්නේ නාග රාක්‍ෂ නැටුමයි. ඉතාමත් විශාල නාග පෙනයක්‌ සහිත සිරසකින් හෙබි නා රජු තම නළල් තලයේ එල්ලා සිටින කුඩා නාගයන් ගෙන් ද සමන්විත වේ. නාස්‌ පුඩු වලින් පවා නයි ඉස්‌මතු වී ඇත. මෙම රාක්‍ෂයාගේ දෙයෑස්‌ පිටට නෙරා ඇත. මේ ආකාර අලංකාර රාක්‍ෂ දෙපළකගේ නාග රාක්‍ෂ නැටුම නිමාවට පත් වේ.

මීළඟට පැමිණෙන ගුරුළු රාක්‍ෂයාගේ විලාශය කියා පාමින් ගුරුලිඳු පැමිණෙන කවියක්‌ පහත දැක්‌වේ.

මුදුන සෑදි ඔටුනු
සිරස නයි පෙන තුනකිනු
ගැසූ හඬ අකුණු
ඒය ගුරුලෙක්‌ මේ සැටි ලකුණු

අලංකාර ඔටුන්නක්‌ සහිත සිරසේ නාගයන් තුනකින් සහ හොටයෙන් ඩැහැගත් නාගයෙකුත් සහිතව නිර්මාණය වී ඇති ගුරුළු රාක්‍ෂයා ඉතාමත් වේගවත් නැටුමක්‌ ඉදිරිපත් කර කාගේත් විශ්මය දනවයි.

මීළඟට ගර්භනී ස්‌ත්‍රියක්‌ රඟ මඩලට පිවිසෙන අතර ඇගේ විලිරුදාව පිළිබඳ කාරියකරවන රාළ සමඟ දෙබසක්‌ ඉදිරිපත් කරයි. බඩදරු කෝලම නමින් නම් කර ඇති මෙම රංගනය පිරිමින්ට දොස්‌ පවරමින් රංගනයක්‌ ඉදිරිපත් කරයි. රංග සභාවෙහි සිටින ගැබ්බර ස්‌ත්‍රීන්ට සෙත් පතා බඩදරු කෝලම නික්‌ම යයි.

දෑතින් පන්දු ගෙන
අහසට දමා අල්ලන
මේ සබ තුළ නටන
සුරඹා වල්ලිය බලන් සතොසින

දෑතින් පන්දු රැගත් රුවැති දෙව්ලියන් ලෙසින් තාණ්‌ඩය හා ලාස්‍ය විලාශයෙන් ඉතාමත් විශ්මයජනක රැඟුමක්‌ ඉදිරිපත් කරන මෙය නමින් සුරඹා වල්ලියයි.

තවද පරංගි කෝලම, කාපිරි කෝලම, කරපිට කෝලම ආදී කෝලම් මෙන්ම ගොන්කොටි කෝලම, ගම කථාව ආදී හාස්‍ය හා උපහාසයෙන් අනූන කතාන්දර ද කෝලම් මඩුවේ රඟ දක්‌වයි. ජාතක කතාව ඉදිරිපත් කරනුයේ මින් අනතුරුවයි. මෙය සමාජයට ආදර්ශමත් කතාවක්‌ ඇසුරින් රඟ දක්‌වයි. බොහෝ විට ධනුද්දර ජාතකය (මනමේ) සඳකිදුරු ජාතකය, ගෝඨයිම්බර කථාව රඟ දක්‌වයි.

කෝලම් මඩුව අවසානයේ ගරා යකා රඟමඩලට පැමිණේ. සියලු ඇස්‌වහ, කටවහ අඩෝවැඩියා දූරින්භූත වී යන ලෙස ප්‍රදේශයේ සියලු දෙනාට ශාන්තියක්‌ සෙතක්‌ ළඟා කර දෙනු වස්‌ ගරා යක්‍ෂයන් රඟ දක්‌වයි. රඟමඬලේ නිමවා ඇති වෙස්‌සත්ත උපයෝගී කර ගෙන ඔන්චිල්ලාවක්‌ ලෙස වෙස්‌සත්ත පද්ද පද්දා වෙස්‌ අත්ත උඩ රඟන රැඟුම් විලාශය කාගේත් ලොමු ඩැහැ ගන්වයි. ගරා යකාත් සමඟ ගරුන්නාන්සේ ඉතාමත් හාස්‍ය දනවන සුළු සංවාදයන් ද මෙහිදී ඉදිරිපත් කරයි. මේ ආකාරයෙන් පසුදා පහන් වනතුරුම රඟ දැක්‌වූ සියලුම රංගනයන්ගෙන් පසුව ගරා නැටුම නටා සියල්ලන්ටම සෙත් පැතීමෙන් අනතුරුව සම්ප්‍රදායික කෝලම් මඩුව නිමාවට පත්වෙයි.

වේශධාරී රංගනය හෙවත් කෝලම් නැටීම අති පුරාණයේ පටන් පවත්නා කලාවකි. ලීයෙන් පිළිම පෙතිකඩ ආදිය නෙළීම ඇරඹීම නිසා ද සඳ කිඳුරු, මනමේ ආදී ජාතක කථා කෝලම් ලෙස රඟ දැක්‌වීමට පටන් ගැනීම නිසා ද වෙස්‌මුහුණු කලාවට බෞද්ධාගම ද එක අතකින් රුකුලක්‌ විය. සිනමාව රූපවාහිනිය ආදිය ඇතිවන්නට පෙර අප ජනීජනයාට කලා රසය හා විනෝද ආශ්වාදය ලබා දීමට ද එය පිටිවහලක්‌ විය.

විශේෂයෙන් එදා පහතරට ධීවර ජනතාවටම උරුම වූ කෝලම් රංගනයට සතියක්‌ පමණ කලින් ඔවුන් ඒ සඳහා සූදානම් වූහ. රංගනය නැරඹීමට පැමිණෙන සියල්ලන් විසින් රංගන ශිල්පීන්ට ඉතාමත් ගෞරවයෙන් සැලකූ අතර ඔවුන්ට පොදුවේ සියලුම ගම්වැසියන් අනගි සහායක්‌ ලබා දුන් අතර කෝලම් මඩුව සැකසීමට අවශ්‍ය සියලු දෑ (කෙසෙල් කඳන්, ගොක්‌ අතු, ගොරකා අතු, බුරුල්ලා කොළ, විලක්‌කු, පන්දම්, පහන්, මල්, පිරුවට, කෑම බීම) අෙන්‍යාන්‍ය සහයෝගයෙන් සපුරා දී ඇත. එදා පහත රටින් ගොස්‌ උඩරට තේ වතුවල දෙතුන් මහල් තේ කම්හල් ස්‌ටෝරු තනා උපයා ගත් ධනය රැගෙන සිංහල අවුරුද්දට ගමට පැමිණි වඩු කාර්මික බාස්‌වරුන් නිසා මෙම කෝලම් රඟ දැක්‌වීම දියුණුවට පත් විය.

පහතරට තෙත් ගොවිබිම් ආශ්‍රිතව වැවෙන වෙල් කඳුරු වෙස්‌මුහුණු කැපීම සඳහා යොදා ගැනේ. මෘදු සැහැල්ලු කැපීමට පහසු මෙම දැවය තද ගතියෙන් යුක්‌ත නොවන නිසා කැටයමට ඉතාමත්ම සුදුසු ය. තවද මෙම දැවයෙන් නිමවන වෙස්‌ මුහුණු ඉතාමත් සැහැල්ලු නිසා පැළඳගෙන නැටීමද අපහසු නොවේ. මෙම දැවය කෘමීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සහ කල් පැවැත්ම සඳහා දුමට දමා දුම්ගස්‌සා ගනී. නාග රාක්‍ෂ, ගුරුළු රාක්‍ෂ, මරු රාක්‍ෂ, පූර්ණක රාක්‍ෂ, සුරඹාවල්ලි වැනි වෙස්‌මුහුණු කැපීමේදී

පැරැන්නන් ඒ ඒ මුහුණට අදාළ ඇඹුන් කවි උපයෝගී කර ගෙන ඇත.

ගුරුළු රාක්‍ෂ මුහුණ කැපීමේදී භාවිත කළ එක්‌ කවියකි මේ.

මුදුන සදී ඔටුණු
සිරස නයි පෙන තුන කිණු
ගැසූ හඬ අකුණු
ඒය ගුරුළෙක්‌ මෙසැටි ලකුණු

ඒවාගේම

දෑතින් පන්දු ගෙන
අහසට දමා අල්ලන
මේ සබ තුළ නටන
සුරඹා වල්ලිය බලන් සතොසින

සුරඹා වල්ලිය මුහුණ කැපීමේදී උපයෝගී කරගත් එක්‌ කවියකි.

මෙයට අමතරව අප රට විදේශීය යටත් විජිතයක්‌ව පැවැති සමයේ පාලකයන්ගේ නොමනා ක්‍රියාවන් විවේචනය කිරීම සඳහා අඬබෙරකරු, හේවායන් (සොල්දාදුවන්) මුදලි, ආරච්චි, පොලිස්‌, ලියන මහත්වරු, ජසයා සහ ලෙන්චිනා (රෙදි අපුල්ලන්නන්) යනාදී චරිත උද්දීපනය කර දැක්‌වීම සඳහා වෙස්‌මුහුණු නිර්මාණය කරන ලද්දේ ගුරු පොත් හෝ ආදර්ශ රූප මගින් නොව වෙස්‌මුහුණු නිර්මාණකරුවා එම ස්‌වභාව ලීලාවන් තම සිත තුළම තබා ගෙනය. විශේෂයෙන් හාස්‍යය රසයට මුල්තැනක්‌ දී මෙම මුහුණු නිර්මාණය කර ඇති බව පෙනේ.

වෙස්‌ මුහුණු පින්තාරු කිරීමේදී ද අවශ්‍ය පින්සල් සකසා ගන්නේ වැටකෙයියා ගසේ මුල් සහ සත්ව ලෝම කෙඳි ආශ්‍රයෙනි. එමෙන්ම අවශ්‍ය වර්ණ ද ඔවුන් සකසා ගන්නේ අවට පරිසරයේ ඇති සාදලිංගම්, හිරිගල්, ගුරුගල්, මකුළු, ලාඩප්පා කොල, බෝවිටියා, පොල්කටු අඟුරු යනාදියෙනි.

කෝලම් නාට්‍ය කලාව කවදා කොතනකින් ආරම්භ වී දැයි පැවසීමට පැහැදිලි සාක්‍ෂි මද වුවද, ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක්‌ පුරා පහතරට මුහුදුබඩ පළාත්වල රඟ දැක්‌වේ. අම්බලන්ගොඩ, මිරිස්‌ස, බෙන්තර ඒ අතරින් ප්‍රධාන වෙයි. කෙසේ වුවද ජනප්‍රවාද ගත තොරතුරු අනුව කෝලම්වල උපත දොළදුකක්‌ මුල් කරගෙන නිර්මාණය වූවකි. ස්‌ත්‍රියකගේ කුස තුළ දරු ගැබක්‌ හටගත් විට සමහර ස්‌ත්‍රීන්ට අඹ, බිලිං, සියඹලා වැනි ඇඹුල් රසැති ආහාර ද සමහර ස්‌ත්‍රීන්ට කරදිය මසුන්, මිරිදිය මසුන් වැනි දෑ ද කෑමට ආශා ඇති වේ. මේ ආකාරයෙන් පෙර කල මහා සම්මත රජුගේ බිසව ද ගැබ්බර වූ අවස්‌ථාවේ ඇයට ඇති වූ දොළදුක නම් විසුළු කෙළි නැටුම් දැකීමේ ආශාවයි.

ඒ සමයෙහි එවන් සිනහා උපදවන නැටුම් පිළිබඳ දත් අයෙකු නොසිටි බැවින් බිසවගේ දොළදුක ඉතා උත්සන්න වී රජු ඇතුළු මුළු රාජ සභාවම මහත් අසීරුතාවකට පත්වූහ. වහා ක්‍රියාත්මක වූ රජ රාජවාසල අඬබෙරකරු ලවා බිසවගේ දොළදුක සංසිඳවිය හැකි යම් අයෙකු ඇතොත් වහා ඉදිරිපත් වන ලෙසට අණබෙරයක්‌ රට පුරා යෑවීය. එයිනිදු ඵලක්‌ නොවූ කල රජු මහත් දොම්නසින් පසුවිය. මේ අවස්‌ථාවේ සදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මේ දුක දැක දෙව් ලොව නැටුමට සහ මැවීමට අධිපති විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් වෙස්‌ මුහුණු සහ ඒවා රඟ දක්‌වන ආකාර සහිත ගීත ගායනාවන්ගෙන් යුත් පිටපත් රාජකීය උද්‍යානයේ තබන ලද්දේය. එයට පසුදින රාජකීය උද්‍යානයේ සේවයේ යෙදී සිටි රාජ පුරුෂයෙකුට මෙම දැවමය වෙස්‌මුහුණු සහ පෙළ සහිත පුස්‌ථක හමුවිය. මේ බව සැලවීමෙන් මහත් සොම්නසට පත් වූ රජු රටවැසියන් කීපදෙනෙකු කැඳවා නැටුම් ඉදිරිපත් කිරීමට අණ කරන ලදී. මෙම රංගනයන් දුටු රාජ බිසවගේ දොළදුක සංසිදී ගිය බව ජනප්‍රවාදයේ එයි. මෙම රංගනයන් හේතුවෙන් බිසවගේ දොළදුක සංසිදුනා පමණක්‌ නොව නව්‍ය වූ නාට්‍ය කලාවක මූලාරම්භය ද ඉන් ඇතිවිය. එය කෝලම් නැටුම් නමින් පසුව ප්‍රසිද්ධියට පත් විය.

කෝලම් නැටුම් වලින් හාස්‍ය උපදවන අතර යටත් විජිතවාදී යුගයේ සිංහල සමාජය විදහා දක්‌වයි. රජ යටතේ සේවය කර ඇති සියලුම උසස්‌ සහ පහත් නිලධාරීන්ගේ නොමනා සදය විවේචනයට ලක්‌ කරයි. මහා සම්මත රජ සහ බිසවගේ සම්ප්‍රාප්තිය මූලික කරගෙන සකස්‌ කර ඇති කෝලම් විවිධ චරිත රාශියකින් සමන්විත වී ඇත.

කෙසෙල් බඩ, ගොක්‌ අතු, හඹුරු කොල, පුවක්‌ මල්, පොල් මල්, මැටි පහන්, පන්දම් විලක්‌කු ආදියෙන් මල් යහන් සාදා අලංකාර කර ඇති රඟ මඩල ඉතාමත් දර්ශනීය ස්‌වභාවයක්‌ ගනී. ගොරකා අතු දෙකක්‌ සිටුවා පුවක්‌ කොළ වලින් වර්ණවත් කර ඇති වෙස්‌සත්ත පිටුපස සිට එහි දෙපසින් සියලුම කෝලම් රංගන ශිල්පීන් ඉඟි බිඟි පාමින් රඟ මඬලට පැමිණේ. මෙම රඟ මඩල තානායම් පොළ නමින් ද හැඳින්වේ.

බුදුන් වැඳ පහන් දල්වා දෙවියන්ට පින් දී ස්‌තෝත්‍ර ගායනා කර බෙරකරුවන්ගේ මඟුල් බෙර වාදන සහ සක්‌ පිඹින්නන්ගේ හඬින් මුළු රඟ මඩලම ගිගුරුම් දෙමින් කෝලම් මඩුව ආරම්භ වේ. යක්‌ බෙරය (පහතරට බෙරය) හොරනෑව සහ කයිතාලම වාද්‍ය භාණ්‌ඩ වශයෙන් උපයෝගී කර ගනී.

කෝලම් මඩුවේ චරිත සමඟ සංවාදයේ යෙදෙමින් එම චරිත ස්‌වභාවයන් වඩාත් තීව්‍ර ලෙස ප්‍රේක්‍ෂකයාට දැන්වීම සඳහා කාරිය කරවන රාල නම් විශේෂිත වූ චරිතයක්‌ කෝලම් මඩුවේ එයි. මොහු සමස්‌ත කෝලම් මඩුව මෙහෙයවන අතර වෙස්‌මුහුණක්‌ නොපළඳියි. කාරියකරවන රාළ ඇතුළු ගායක කණ්‌ඩායම කෝලම් උපතේ කවි ගායනා කිරීමෙන් අනතුරුව පළමුව සබයට පිවිසෙනුයේ අණබෙර කෝලමයි. පහත දැක්‌වෙනුයේ අණබෙර කෝලම් සබයට පිවිසීමට පෙර ගායනා කරනු ලබන පොත් කවියකි.

අතට සැර යටියයි
උරයට දවුල් බෙරයයි
තද මහළු වයසයි
වරෙන් ගුරුනේ රාජ පනතයි

Image may contain: 1 person

මෙම කවි ගායනා අවසාන වීමෙන් අනතුරුව අණබෙර කෝලම හෙවත් පනික්‌කල සිය දරු කැල පිරිවරා නාට්‍යානුසාර ගමනකින් බෙර පද තාලයට පැමිණේ. අධික ලෙස මත්පැන් පානය කර වෙරිමතින් සිටින මොහු වමනය කරමින් රඟමඩල තුළ ඇද වැටෙයි. මේ අතරතුරු කාරියකරවන රාළ සිදු වී ඇති නස්‌පත්තිය පිළිබඳ දරුවන්ගෙන් විමසා දැන සභාවට පහදා දෙයි. පසුව දරුවන්ගේ මව වන නොන්චි අක්‌කා ගෙන්වා සංවාදයේ යෙදෙයි. දරුවන්ගේත් නොන්චි අක්‌කාගේත් පනික්‌කලගේත් දෙබස්‌ නරඹන්නන්ගේ සිනහවට ලක්‌වන අතරම එමගින් ද ඔවුන්ගේ චරිත වල ඇති අඩුලුහුඩුකම් මෙන්ම පවතින සමාජ ක්‍රමය තුළ ඔවුන්ට බලපා ඇති සමාජීය පීඩනය ද මනාව පෙන්වා දෙයි.අවසානයේ මහා සම්මත රජ සහ බිසව රඟ මඬලට සම්ප්‍රාප්ත වන බව අණබෙරයකින් සබයට පවසන පනික්‌කල සුද්ධ මාත්‍රා නැටුමක්‌ නටා දරුවන් ද සමඟ සභාවෙන් නික්‌ම යයි.

මීළඟට ගමේ විදාන ආරච්චි සහ ලියන අප්පු රඟ මඬලට පැමිණෙයි. රාජ සභාවේ රජු සහ බිසවට දැන ගැනීම සඳහා කොපමණ සෙනඟක්‌ පැමිණ ඇත්දැයි විමසා ගණන් සටහන් කර ගැනීම ඔවුන්ගේ රාජකාරියයි. ඉතාමත් හාස්‍ය රසය උපදවන දෙබස්‌ සහිත මෙම ජවනිකාවේ ආරච්චිගේ ලිපිකරු වශයෙන් බීමත්ව පැමිණෙන ලියනප්පු පිරිමින් සහ ගැහැනුන් ගණන් ගන්නා අතර ගැබ්බරව සිටින ස්‌ත්‍රීන්ගේ කුසේ සිටින දරුවන් පවා ගණන් ගනී. මෙම ආරච්චි කෝලමට පසුව සබයට පිවිසෙනුයේ පොලිස්‌ කෝලමයි. ඉංග්‍රීසි යටත් විජිත සමයේ පොලිස්‌ නිලධාරීන්ගෙන් තමන්ට සිදු වු තාඩන, පීඩන හේතුවෙන් එම චරිත උපහාසයෙන් යුතුව විවේචනය කිරීමේ අරමුණෙන් කෝලම් නිර්මාණ ශිල්පියා මෙම කෝලම් එක්‌ කර තිබේ.හේවා කෝලම සභාවට පිවිසෙනුයේ මින් අනතුරුවය. සිංහල රජ දවස හේවායින් සංකේතවත් කරමින් මොවුන් පැමිණෙයි. හේවා කෝලම සබයට එන කවියක්‌ පහත දැක්‌වේ.

අනේ යුද කළ හැටි
කනේ නාසේ ලේ කැටි
ඇලේ කට වැටි වැටී
අනේ හේවා රාළ එන හැටි

රජු පැමිණීමට මත්තෙන් සබේ ආරක්‍ෂාව සොයා බැලීම සඳහා අලංකාර පද තාලයකට වූ නැටුමකින් මොවුන් පැමිණෙයි.කඩු පාරවල් වැදී කැපුම් තුවාල සහිත හේවා මුහුණුවල කූඩැල්ලන් ද එල්ලී සිටිනා බව දකින කාරියකරවන රාළ ඒ ගැන විමසා සිටියි. ගම්පොල සටනේදී පළිහ වෙනුවට සිය මුහුණ ඇල්ලීමෙන් එසේ වූ බව පවසන හේවායන් ගම්පොල යුද්ධ කළ ආකාරය නාට්‍යානුසාරීව පෙන්වා රසවත් දෙබස්‌ වලින් තානායම් පොල අලංකාර කොට නික්‌ම යයි.

පෙර සිට පැවත එන
සිරිතට පොදිය බැඳ ගෙන
උරපිට තබාගෙන
යෝධ ජසයා ඒය දුවගෙන

No automatic alt text available.

යනුවෙන් කවි ගායනා ප්‍රේක්‍ෂක සවනට මුසුවන අතරවාරයේ තම බෑණා සමඟ ජසයා රඟමඬලට පැමිණේ. රජ සහ බිසව ගමන් ගන්නා මාර්ගයේ උඩට උඩුවියන් ද, පයට පාවඩ ද වට තිර ද එල්ලීම ආරම්භ කරයි. මෙම කාර්යය ඉක්‌මනින් සිදුකර ගැනීම සඳහා තම බිරින්දෑ වන ලෙන්චිනා ද කැන්දාගෙන එයි. යම් කාර්යයක්‌ සඳහා එතනින් යන දිස්‌ත්‍රික්‌ ප්‍රධානියා වන මුදලිතුමා රූමත් ලෙන්චිනා දැක ආලයෙන් මත්වී තම ප්‍රධාන කාර්යයන් ද පසෙක ලා මැය හා සංවාදයේ යෙදේ. උකුළු මුකුළු පාමින් ජසයාගේ වැරදි මුදලිතුමා ඉදිරියේ ගෙන හැර පාමින් මුළු සභාවම සිනහවට ලක්‌ කරයි. රජයේ ඉතාමත් ගෞරවාන්විත සේවාවක්‌ කරන මුදලිතුමා අසභ්‍ය ලෙස පහත් ක්‍රියාවන්හි නිරත වෙමින් තම චරිතය ඝාතනය කර ගන්නා ආකාරය මෙම චරිත නිරූපණයන්ගෙන් මනාව පැහැදිලි වේ.

ඉහත සඳහන් අණබෙරකරු, ආරච්චි, හේවායින්, රෙදි සෝදන්නා, මුදලි වැනි සේවක නිලධාරීන් රජුගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් තම තමන්ගෙන් කෙරෙන්නා වූ සේවය අවසන් කර ඇති බැවින් මීළඟට ඇමැති මඬුල්ල පිරිවරා ගත් රාජකීය යුවළගේ පැමිණීම ආරම්භ වෙයි. පන්දමක්‌ දල්වාගත් කාරියකරවන රාළ ඉදිරියෙන් පැමිණෙන අතර එම පන්දම් එළිය ආධාරයෙන් රජ සහ බිසව රඟ මඬලට සැපත් වී නැටුම් නැරඹීම සඳහා අසුන් ගනී.රජ සහ බිසව ඉදිරියේ පළමුවෙන් ම සිංහ කෝලම රඟ දක්‌වයි. මින් පසු රඟමඬලට පැමිණෙන්නේ නාග රාක්‍ෂ නැටුමයි. ඉතාමත් විශාල නාග පෙනයක්‌ සහිත සිරසකින් හෙබි නා රජු තම නළල් තලයේ එල්ලා සිටින කුඩා නාගයන් ගෙන් ද සමන්විත වේ. නාස්‌ පුඩු වලින් පවා නයි ඉස්‌මතු වී ඇත. මෙම රාක්‍ෂයාගේ දෙයෑස්‌ පිටට නෙරා ඇත. මේ ආකාර අලංකාර රාක්‍ෂ දෙපළකගේ නාග රාක්‍ෂ නැටුම නිමාවට පත් වේ.මීළඟට පැමිණෙන ගුරුළු රාක්‍ෂයාගේ විලාශය කියා පාමින් ගුරුලිඳු පැමිණෙන කවියක්‌ පහත දැක්‌වේ.

මුදුන සෑදි ඔටුනු
සිරස නයි පෙන තුනකිනු
ගැසූ හඬ අකුණු
ඒය ගුරුලෙක්‌ මේ සැටි ලකුණු

අලංකාර ඔටුන්නක්‌ සහිත සිරසේ නාගයන් තුනකින් සහ හොටයෙන් ඩැහැගත් නාගයෙකුත් සහිතව නිර්මාණය වී ඇති ගුරුළු රාක්‍ෂයා ඉතාමත් වේගවත් නැටුමක්‌ ඉදිරිපත් කර කාගේත් විශ්මය දනවයි.මීළඟට ගර්භනී ස්‌ත්‍රියක්‌ රඟ මඩලට පිවිසෙන අතර ඇගේ විලිරුදාව පිළිබඳ කාරියකරවන රාළ සමඟ දෙබසක්‌ ඉදිරිපත් කරයි. බඩදරු කෝලම නමින් නම් කර ඇති මෙම රංගනය පිරිමින්ට දොස්‌ පවරමින් රංගනයක්‌ ඉදිරිපත් කරයි. රංග සභාවෙහි සිටින ගැබ්බර ස්‌ත්‍රීන්ට සෙත් පතා බඩදරු කෝලම නික්‌ම යයි.

දෑතින් පන්දු ගෙන
අහසට දමා අල්ලන
මේ සබ තුළ නටන
සුරඹා වල්ලිය බලන් සතොසින

දෑතින් පන්දු රැගත් රුවැති දෙව්ලියන් ලෙසින් තාණ්‌ඩය හා ලාස්‍ය විලාශයෙන් ඉතාමත් විශ්මයජනක රැඟුමක්‌ ඉදිරිපත් කරන මෙය නමින් සුරඹා වල්ලියයි.තවද පරංගි කෝලම, කාපිරි කෝලම, කරපිට කෝලම ආදී කෝලම් මෙන්ම ගොන්කොටි කෝලම, ගම කථාව ආදී හාස්‍ය හා උපහාසයෙන් අනූන කතාන්දර ද කෝලම් මඩුවේ රඟ දක්‌වයි. ජාතක කතාව ඉදිරිපත් කරනුයේ මින් අනතුරුවයි. මෙය සමාජයට ආදර්ශමත් කතාවක්‌ ඇසුරින් රඟ දක්‌වයි. බොහෝ විට ධනුද්දර ජාතකය (මනමේ) සඳකිදුරු ජාතකය, ගෝඨයිම්බර කථාව රඟ දක්‌වයි.

කෝලම් මඩුව අවසානයේ ගරා යකා රඟමඩලට පැමිණේ. සියලු ඇස්‌වහ, කටවහ අඩෝවැඩියා දූරින්භූත වී යන ලෙස ප්‍රදේශයේ සියලු දෙනාට ශාන්තියක්‌ සෙතක්‌ ළඟා කර දෙනු වස්‌ ගරා යක්‍ෂයන් රඟ දක්‌වයි. රඟමඬලේ නිමවා ඇති වෙස්‌සත්ත උපයෝගී කර ගෙන ඔන්චිල්ලාවක්‌ ලෙස වෙස්‌සත්ත පද්ද පද්දා වෙස්‌ අත්ත උඩ රඟන රැඟුම් විලාශය කාගේත් ලොමු ඩැහැ ගන්වයි. ගරා යකාත් සමඟ ගරුන්නාන්සේ ඉතාමත් හාස්‍ය දනවන සුළු සංවාදයන් ද මෙහිදී ඉදිරිපත් කරයි. මේ ආකාරයෙන් පසුදා පහන් වනතුරුම රඟ දැක්‌වූ සියලුම රංගනයන්ගෙන් පසුව ගරා නැටුම නටා සියල්ලන්ටම සෙත් පැතීමෙන් අනතුරුව සම්ප්‍රදායික කෝලම් මඩුව නිමාවට පත්වෙයි.

Image may contain: 1 person

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here