ලොක්කෙක් එක්ක සිංගප්පූරු ගිහින් පිස්සු නටපු නිළියෝ බොරු කියයි – මහේෂි මදුශංකා, තානාශා හතරසිංහගේ කෙරුම් වලට සාක්ෂි මෙන්න!

රංගන ශිල්පිණි මහේෂි මදුශංකා සහ තානාශා හතරසිංහ සිදු කළ නොමනා ක්‍රියාවක් පිළිබදව පුවත නෙත් ගොසිප් අප මින්පෙර වාර්තා කළා.

පසුගිය දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිළධාරියෙක් වශයෙන් සේවය කරනා පුද්ගලයෙක් තනාශා හතරසිංහ සහ මහේෂි මදුශංකා රැගෙන සිංගප්පූරුව බලා පියාසර කරන ගුවන් යානයකට පැමිණ තිබුනේ මෙම රංගන ශිල්පිණියන් දෙදෙනා සමග සිංගප්පූරු චාරිකාවක නිරත වීමටයි.

එහිදි සිය සබදතා භාවිතා කරමින් අදාල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිළධාරියා තමන් රැගෙන ආ මහේෂි මදුශංකා සහ තානාශා හතරසිංහ, සිය සබදතා භාවිතා කරමින් ගුවන් යානයේ පාලක මැදිරියට රැගෙන ගොස් තිබුනා. මෙය මගී ජීවිත අනතුරේ හෙළන නිතීවිරෝධි ක්‍රියාවක්. මගීන්ගේ ආරක්ෂාව උදෙසා ගුවන් යානයක පාලක මැදිරියට ඇතුල්වීම පිටස්තරයන්ට තහනම් කර ඇති ක්‍රියාවකි.

කෙසේ වෙතත් අප පුවතට ප්‍රතිචාර දක්වමින් මහේෂි මදුශංකා අප ෆේස්බුක් පිටුවේ පළකර තිබුනේ මෙවන් අදහසක්.

“බොහෝම ස්තුතිය නෙත් fm සහ comments දාලා තියන අයට. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මෙහෙම මිනිස්සුන්ට අපහාස කරන්න එපා. අපි පාලක මැදිරියට ගියා තමයි යානය ගොඩබැස්සට පස්සේ එකත් අඳුරන කෙනෙක්ගේ මාර්ගයෙන් නෙමෙයි. ලංකාවේ සමහරක් අය ගැන කලකිරෙනවා”

මහේෂි මදුශංකා පවසන ආකාරයට ඔවුන් ගුවන් යානයේ පාලක මැදිරියට ගොස් තිබෙන්නේ යානය ගොඩ බැස්සූ පසුවයි. නමුත් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී සිංගපූරූවේ ගොඩබාන අවස්ථාව දක්වා මහේෂි මදුශංකා සහ තානාශා හතුරුසිංහ, ඔවුන් දෙදෙනා රැගෙන ආ ශ්‍රී ලංකන් එයා ලයින්ස් ගුවන් සේවයේ නිළධාරියා සිට තිබෙන්නේ ගුවන් යානයේ පාලක මැදිරියේය. මෙම රංගන ශිල්පිණියන් දෙදෙනා පාලක මැදිරියේ සිටින අවස්වථා වේ මගින් විසින් එම අවස්ථාව රූගත කර තිබෙනා අතර එම දර්ශනද අප වෙත ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL – 306 අංකය දරණ ගුවන් යානයේ පසුගිය අගෝස්තු 17 මෙම සිදුවීම සිදුවුනි. මේ පිළිබදව වැඩිදුර තොරතුරු සොයා බැලූ නෙත් ගොසිප් අප වෙත වාර්තා වූයේ ආර්ථික පන්තියේ (Economy class) ප්‍රවේශපත්‍ර සහිතව ගුවන් යානයට පැමිණි අදාල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිළධාරියා, මහේෂි මදුශංකා සහ තානාශා හතරසිංහ ව්‍යාපාරික පන්තියේ (Business Class) ආසන වෙතට යෑමට කටයුතු කර තිබෙන බවයි. ඒ අදාල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිළධාරියාගේ බලය භාවිතා කරමින්.

ඉන්නොනැවතුනු මෙම නිළධාරියා තමන් රැගෙන ආ මහේෂි මදුශංකා සහ තානාශා හතරසිංහ පාලක මැදිරියට ගොස් එහි සිටිමින්ම ආහාරපාන පවා ලබා ගෙන තිබේ. මෙම ක්‍රියාව සුලුවෙන් තැකිය නොහැකි බරපතල වරදක් වුවද මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට තවමත් වාර්තා වී නොමැත.

මෙම ගුවන් ගමන තුල යානයේ පාලක මැදිරියේ පුද්ගලයන් පස් දෙනෙකු ගමන් කර ඇත. එය අතිශය බරපතල වරදකි.

මේ අතර අප හෙළිදරව්වෙන් පසු තානාශා හතරසිංහ විසින් සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමට එක්කර තිබූ සිංගප්පූරු චාරිකාවේ ඡායාරූප පවා ඉවත් කර ගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

තානාශා විසින් ඉවත් කර ගත් සිංගප්පූරු චාරිකාවේ ඉන්ස්ටාග්‍රැම් ඡායාරූපය,

Courtesy-nethgossip.lk