පාරේ ගස් යට නිදාගන්න මාතර දරුවෙක් !

අපට ජීවිතයේ කොතෙකුත් ප්‍රශ්න ගැටළු මතුවන විට අප සිතන්නේ අපට පමණක් ඇයි මෙවන් ප්‍රශ්න කියා සමහර අය එම ප්‍රශ්න ගැටළු මහා ලොකුවට සිතාගෙන ජීවිතයේ විඳවන අවස්ථා බොහොමයි.පහත දැක්වෙන සංවේදී චායාරුප පෙළ සහ වීඩියෝ දර්ශන මදක් නරඹන්න ඇත්තටම මෙහෙම ජීවිතත් මේ ලෝකේ තියෙනවාද යන ප්‍රශ්නය ඔබටත් ඔබේ හදවතින් ඇසේවි. ඇත්තටම මොහොතක් හදවතට තට්ටු කරලා සංවේදීව හිතලා බැලුවොත් අපි හැමෝම තරඟෙට ආසාවන් පසුපස දුවන මේ සමාජයේ මේ වාගේ ජීවිතත් තිබෙනවා නේද කියා.අපි කොතරම් සිතුවත් අපට කොතරම් ගැටළු පැමිණියත් මෙවන් ජීවිත ගත කරන අහිංසක අසරණ පුද්ගලයන් සමඟ සසඳන විට අපට කිනම් ගැටළුද ඇත්තේ කියා සිතෙන තරමට අපි අසරණයි නේද???

Posted by Nalin Nishantha on Monday, August 7, 2017

Posted by Nalin Nishantha on Monday, August 7, 2017

 

මේ චායරුප පෙලේ දැක්වෙන්නේ මාතර කඹුරුපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරයා වන නලීන් රණවීර මහතා වැඩසටහනකට සහභාගී වි පැමිණෙන අතරතුර මාර්ගය අසල ගසක් යට නිදා සිටින දරුවකු දැක ඔහුගේ විස්තර සොයා බැලු අවස්තාවක්.ඒ මොහොතේ දැඩි කුසගින්නේ සිටි මෙම දරුවාට ආහාර හා ජලය ලබා දුන් ඔහු මෙම දරුවා වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වී තිබෙනවා.

මාතර කඹුරුපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරයා වන නලීන් රණවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ පිළිබද නිසි අවධානය යොමු කර දරුවා ළමා නිවාසයකට භාර කර ඇති බවට  තොරතුරු ලැබී තිබෙනවා.ඔබටත් හැකියාවක් ඇත්නම් මේ අහිංසක දරුවාට අවශ්‍ය උදව් උපකාර කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින අතර එය මහඟු පුණ්‍ය කර්මයක් වනු ඇති…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here