මට තරුවක් වෙන්න ඕනේ නැහැ. අම්මා වගේ දක්ෂ රංගන ශිල්පිණියක් වෙන්න ඕනේ

පසුගිය ජූලි 20 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹු කරන් ජෝහර්ගේ නිෂ්පාදනයක් වූ Dhadak චිත්‍රපටය මේ වනවිට අති සාර්ථකව තිරගත වන්නකි.

එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන මිය ගිය ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර්ගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය මෙය වීඹ විශේෂත්වයකි.

මෙම චිත්‍රපටය තිරගත වීඹත් සමග බොලිවුඩයේ බොහෝ දෙනාගේ අවධානය ජාන්වී වෙත වර්තමානයේ යොමුව පවති.

ඇය පසුගියදා අන්තර්ජාල වෙබ් අඩවියක් සමග එක්වෙමින් පවසා තිබුණේ තමාට තරුවක් වීමේ අදහසක් නොපවතින බවත්, තමාට අවශ්‍ය කරන්නේ තම මව මෙන් දක්ෂ රංගන ශිල්පිණීයක් වීමට බව පවසා තිබේ.

ජූලී 20 වැනිදා තිරගත වු මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 45ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත්, කරන් ජෝහර්ට මෙම චිත්‍රපටය නිර්මාණ කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 50ක වියදමක් දරන්නට සිදුවිය.

Courtesy : hirutv.lk/blog