සුපිරි පොප් ගායිකා සෙලිනා ගෝමස් 26වන උපන්දිනය සැමරූ හැටි

සුපිරි පොප් ගායිකා සෙලිනා ගෝමස් තම 26වැනි උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා.

උපන්දිනය සැමරීම සදහා ඇයත් සමඟ සුපිරි ගායිකා ටේලර් ස්විස්ට් ද සිටි බවයි වාර්තා වන්නේ. ඒ ඇයත් සමඟ ඇගේ අලුත්ම ගීත ඇල්බමය ඉදිරිපත් කිරීම සදහා වූ ලෝක සවාරිය සදහා සහභාගි වූ මොහොතේදීය .

කෙසේවෙතත් කලක සිට ඇගේ පෙම්වතා වූ සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් ඇයගේ උපන්දිනය සදහා කිසිදු පණිවිඩයක් ලබාදී නොමැති බවත් සේලීනා සහ ජස්ටින් බීබර් කලක සිට පෙම්වතුන් ලෙස ඇසුරු කරත්, එම සබදතාව දැන් බිදී ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.