බිරිඳගෙන් වෙන්වී විවාහ කරගන්නා බවට පොරොන්දු වෙලා, පාසල් දැරියන් රැසක් අපයෝජනය කළ ටියුෂන් මාස්ටර්ලා ගැන තවත් තොරතුරු හෙළි වෙයි

උසස් පෙළ හදාරන දැරියක් තම නිවසට ගෙන්වා ගොස්‌ ලිංගික අතවර කර පසුව ඔහුගේ මිතුරෙකුට භාරදී ලිංගික අතවර කිරීමට ඉඩ ලබාදී එම දර්ශන අන්තර් ජාලයට එක්කල මොනරාගල ප්‍රදේශයේ රජයේ පාසලක සේවය කරන ඉතිහාස ගුරුවරයෙකු සහ තාක්ෂණවේදය විෂය සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් පුවත අප ඊයේ  වාර්තා කලා.

මොනරාගල කොට්‌ඨාසයේ පොලිස්‌ අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ලද තොරතුරක්‌ මත සිදුකළ මෙම පරීක්‍ෂණයේදී අතවරයට ලක්‌වූ දැරියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන පට කීපයක්‌ද අත්අඩංගුවට ගෙන තිබූ අතර මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියකට සහභාගී වී තිබුනේ ඉතිහාසය විෂය හැදෑරීම සඳහායි.

පසුව ඉතිහාසය විෂය උගන්වන ගුරුවරයා විසින් එම දැරිය අවුරුදු පහකට පසුව බිරිඳගෙන් වෙන්වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරිය නිවසට කැඳවාගෙන ගොස්‌ අවස්‌ථා කීපයකදී ලිංගිකව හැසිරී තිබෙනවා.

ඉන් අනතුරුව අදාල ඉතිහාස ගුරුවරයා විසින් තාක්ෂණවේදය උගන්වන තම මිතුරාට එම දැරිය හඳුන්වාදී ඇති අතර ඔහු අවස්ථා කිහිපයකදීම මොනරාගල මහානාම පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයකට දැරිය කැඳවාගෙන ගොස්‌ ලිංගික අතවර කර එම දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

මීට අමතරව ගුරුවරුන් දෙදෙනා තම උපකාරක පන්තිවලට පැමිණෙන දැරියන් විශාල පිරිසක්‌ ලිංගික අතවරවලට යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය අඛණ්‌ඩව පරීක්‍ෂණ සිදුකරගෙන යනබවත් සඳහන්.

nethgossip.lk