මුලින්ම එල්ලා මැරීමට නියමිතව සිටින කාන්තාව මෙන්න.

මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක වුවහොත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අධිකරණ අමාත්‍යාංශයට යොමුකළ වාර්තාව අනුව මුලින්ම එල්ලා මැරීම සදහා නියමිතව සිටින කාන්තාව වන්නේ ශ්‍යාමලී පෙරේරා නමැත්තියකි. ඇය මත්ද්‍රව්‍යජාවාරම සම්බන්ධයෙන් ඉකුත් 2011 වසරේ මාර්තු පළමු වැනිදා ඇයට මරණීය දණ්‌ඩනය නියම වී තිබේ. එයට අමතරව මෙම වසරේදී මරණ දඬුවම හිමි වූ එම්. ඒ. සුමනසිරි හා එස්‌. මොහොමඩ් යන දෙදෙනාගේ නම් ද එම ලේඛනයේ සඳහන්ව ඇති අතර එයින් මොහොමඩ් නමැත්තා පාකිස්‌තානු ජාතිකයකු බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මොහොමඩ් සමග ඒ. ජී. ඒ. බූට්‌, එම්. කුමාර් සහ එස්‌. නසාර් යන පාකිස්‌තානු ජාතිකයන් තිදෙනකුගේ නම් ද එහි ඇතුළත්ව තිබේ.

ඉකුත් 2002 සහ 2003 වසරවල මරණ දඬුවම හිමි වී පිළිවෙළින් වසර 16 ක්‌ හා 15 ක්‌ සිරදඬුවම් විඳි එස්‌. කේ. ජයතිලක හා ශ්‍රී ධර්මාකරන් නමැති දෙදෙනා ද මෙසේ එල්ලා මැරීමට නියමිත පුද්ගලයන් 18 දෙනා අතර සිටිති.

ඉකුත් 2007 වසරේදී මරණ දඬුවම හිමි වූ වේලායුධන් මුරලිදරන්, එම්. එස්‌. එම්. මිස්‌තාර්, බී. ජී. බෝල්සිං සහ 2009 වසරේදී දඬුවම් නියම වූ ශිවනේෂන් රාජා මෙන්ම 2012 දඬුවම් නියම වූ එස්‌. පුණ්‍යමූර්ති, කේ. එම්. චමින්ද, එස්‌. ගනේෂන් මරණ දඬුවමට 2013 දී යටත් කළ ඩබ්ලිව්. විනයාගමූර්ති, එස්‌. ඒ. සුරේෂ් කුමාර් සහ 2015 මරණ දඬුවම හිමි වූ රංග සම්පත් ෆොන්සේකා අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කෙරුණු ලේඛනයේ සඳහන් සෙසු පිරිස වෙති.

මෙම පිරිස්‌ අතරින් සිවු දෙනෙක්‌ දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරි කළ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව විසින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසු මරණ දඬුවම හිමිවූවෝ වෙති.
ගොසිප් සි ලංකා