රංජන්ට එජාපය ඇතුලෙන්ම දැඩි විරෝධයක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලීමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එක්සත් ජාතික පක්ෂයෙන්ම දැඩි විරෝධයක් එල්ල වී තිබෙන බවට වාර්තා වෙනවා. මෙයට හේතුවී තිබෙන්නෙ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවලදී සහ සමාජජාලා මාධ්‍ය වලදී සිදු කරනා ක්‍රියා බවයි සදහන් වන්නේ. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ෆේස්බුක් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි වල අතිශය ක්‍රියාකාරී දේශපාලඥයෙක් ලෙසද ප්‍රසිද්ධයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවලදී ප්‍රසිද්ධියේ දුරකතන ඇමතුම් ලබා ගනිමින් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සිදු කරනා ක්‍රියා නිසා එම පක්ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි යැයි එජාප පසුපෙල මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡා වී තිබෙනවා.

“එක්කෙනෙක් කොටි ආයේ ඕන කියලා පක්ෂය විනාශ කළා, මෙයා චිත්‍රපටි වල දාන බයිස්කෝප් දේශපාලනයේ දාන්න ගිහින් පක්ෂය විනාශ කරනවා” යනුවෙන් ඔවුන් සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිබදව පැමිණිලි කිරීමට එජාප පසුපෙල කණ්ඩායම තීරණය කර තිබෙන බවත් වාර්තා වෙනවා.

Courtesy : nethgossip.lk