බිරිඳ මියගිය දුකින් පොළොන්නරුවම හඬවමින් සැමියාත් ගෙලවැලලාගෙන මියයයි

මියගිය තම බිරිඳගේ දේහය ලබාගැනීමට නොහැකි බව පැවසූ පුද්ගලයෙක් සිය නිවස අසල ගසක ගෙලවැලලාගෙන මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ පොලොන්නරුව අබේපුරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු මීට වසර කිහිපයකට පෙර මාවනැල්ලේ පදිංචි තම ඥාතියෙකුගේ නිවසට පැමිණි අවස්ථාවේ අසල්වැසි නිවසක සිටි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙනවා.එම තරුණියගේ දෙමව්පියන් සහ ඥාතීන් මෙම සම්බන්ධයට දැඩිව විරුද්ධ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.කෙසේ වෙතත් මව්පියන්ගේ ආශිර්වාදය නොලද තරුණිය සිය පෙම්වතා සමඟ නිවසින් පැනගොස් විවාහ වී පොලොන්නරුව අබේපුරගම ප්‍රදේශයේ පිහිටි එම තරුණයාගේ නිවසේ පදිංචි වී තිබෙනවා.පසුව එම තරුණියගේ දෙමව්පියන් සහ ඥාතීන් පැමිණ තරුණිය රැගෙන යාමට උත්සහ කර ඇති බවයි තරුණයාගේ ඥාතීන් පවසන්නේ.නමුත් එම උත්සාහය අසාර්ථක වන්නේ තරුණිය සහ තරුණයා නීත්‍යානුකූලව විවාහ වී තිබීම හේතුවෙන්. පසුව වසර කිහිපයකට පසුව ඔවුන්ට තම කුළුඳුල් දරුවා ලැබෙන අතර ඉන් වසර එකහමාරකට පසුවයි ඔවුන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදෙනු ලබන්නේ. පසුගියදා මෙම තරුණයා තම බිරිඳ සමඟ ඥාතී නිවසකට ගොස් පැමිණෙන අතරතුර පොලොන්නරුව Z D ඇලට යතුරුපැදිය වැටීමෙන් අනතුරක් සිදුවනවා.එහිදී රැස්වූ පිරිස විසින් තරුණයා බේරාගැනීමට සමත් වුවද ඔහුගේ බිරිඳගේ දිවි බේරාගැනීමට නොහැකිව තිබෙනවා.පසුව තරුණියගේ මරණය පිළිබඳව තමන්ට සැක බවයි තරුණියගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.මේ සමඟ තම මියගිය බිරිඳගේ දේහය දින කිහිපයක් තිස්සේ ලබාගැනීමට උත්සහ කළ තරුණයා  පසුගියදා රාත්‍රියේ නිවසට පැමිණ තම දරුවා බදා හඬා වැලපී ඇති බවයි වාර්තා වන්නේ.අනතුරුව ඔහු සිය නිවස අසල ගෙලවැලලාගෙන මියගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here