ටොෆි කාලා දඩ කාපු නායකයන් දෙදෙනා පළමු ටෙස්ට් ගැටුමට පෙර කරන්න යන දේ මෙන්න

ලබන 12 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟයට පෙර දෙපිලේ නායකයන් වන දිනේෂ් චන්දිමාල් සහ ෆැෆ් ඩූ ප්ලෙසිස් තරගයක් පැවැත්වෙන අතරතුර ටොෆි වැනි පැණි රස කෑම භාවිතය සුදුසු ද හෝ නුසුදුසු ද යන්න පිළිබඳඅයි.සී.සී. තරග තීරක සමඟ රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවෙයි.

පැණි රස කෑමෙන් පසුව ඉන් මතුවෙන කෙළ ස්‍රාවය යොදා ගනිමින් පන්දුව පලුදු කළ බවට මින් පෙර මෙම නායකයන් දෙදෙනාම අයි.සී.සී.ය විසින් දඬුවමට ලක් කර තිබීම ද විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු නායකයා පැවසූවේ මෙවැන්නකි.

“අපේ කණ්ඩායමේ හෂීම් අම්ලා වුණත් කියන්නේ දීර්ඝ වෙලාවක් ක්‍රීඩා කරන විට පැණි රස යමක් කෑමට තිබේ නම් වඩාත් කැමැති බවයි. මම හිතන්නෙත් එහෙම පැණි රස දෙයක් කෑම කිසිම වරදක් නැහැ. ඒ නිසා මට තවමත් මේ ගැන වැඩි විස්තර සහිතව පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියන මතයේ ඉන්නවා. ඒ නිසා තරගය ආරම්භ කිරීමට පෙර මම මේ ගැන විනිසුරුවන්ගෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා. එවිට අපිට නිසි පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. මට පමණක් නොවෙයි දිනේෂ්ටත් මේ ගැන නිවැරැදි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව මට විශ්වාසයි…පැණි රස කෑමක් කාල ඒ මඟින් මතුවෙන කෙළ පාවිච්චි කරල පන්දුවෙ දිස්නය ලබා ගන්න එකයි ඕස්ට්‍රේලියානුවන් වැලි කඩදාසි භාවිත කරල පන්දුවෙ හැඩය වෙනස් කළ එකයි එකම විදියේ වරදක් ලෙස සලකන්න බැහැ. පන්දුවෙ තත්ත්වය වෙනස් කරන්න ඉස්සර වෙලා අද මේක ගැන ක්‍රීඩකයන්ට දෙවරක් හිතන්න වෙලා තිබෙනවා”

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්-

“අපි මේ ගැන තරග තීරක හා විනිසුරුවන් සමඟ සාකච්ඡා කරල තරග කරන අවස්ථාවලදී පැණි රස කෑමට අපිට ඉඩ දෙනවාද නැද්ද කියල පැහැදිලි කරගත යුතුයි. එහෙම කෑමෙන් පසුව දීප්තිය ලබා ගන්න පන්දුව පිරිමදින්න අවස්ථාව ලැබෙනවද කියලත් නිරාකරණය කරගන්න ඕන. පසුගිය අවුරුද්දේ පාකිස්තානයට එරෙහිව තරගයේදී අබුඩාබිවලදී උෂ්ණත්වය අංශක 45 වුණා. මම ලකුණු 164ක් ගත්තා. ලකුණු 120 ගන්න විටදී මට කලන්තෙ වගේ ආවා. ඒ වෙලාවේ මම භෞත චිකිත්සකගේ උපදෙස් අනුව පැණි රස කාල තමයි අවශ්‍ය ශක්තිය ලබාගෙන මම ඉතිරි කාලය ක්‍රීඩා කළේ”

courtesy – nethgossip.lk