ප‍්‍රසිද්ධ ගායන ශිල්පී ප‍්‍රියානි ජයසිංහ කතුරෙන් ඇන ඝාතනය කරයි.. සැමියා අත්අඩංගුවේ..

ප‍්‍රසිද්ධ ගායන ශිල්පී ප‍්‍රියානි ජයසිංහ ඇයගේ නිවස තුලදීම ඝාතනය කර තිබේ.ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ ඇයගේ නිවසේදී කතුරකින් ඇන ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.පොලිසිය විසින් ඝාතනයට සැක පිට ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ සිය නිවසේදී මෙම ඝාතනය සිදුවී ඇති අතර ගායිකාවගේ ස්වාමිපුරුෂයා මෙම අපරාධය සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ.
ප්‍රියානි ජයසිංහා ගායනා කළ “කදුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් සහ සුන්දර හදකට දී පෙම් වදන්” යන ගීත රසිකයින් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්වූ ගීත වුවා