විජේවීර බිරිදගෙන් ආණ්ඩුවට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි

තම සැමියා වන රෝහණ විජේවීර 1989 නොවැම්බර් 13 වන දින උලපනේදී අත්අඩංගුවට ගත් පසු මේ වන තෙක් අධිකරණයකට ඉදිරිපත් කර නැති බවත් මේ වන තෙක් අතුරුදහන්ව සිටින ඔහු නිසි පරිදි අධිකරණයකට ඉදිරිපත් කරන ලෙසත් ඔහුගේ බිරිද වන ශ‍්‍රීමතී චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය අද දිනයේ අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඇය විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනෙක් වගඋත්තරකරුවන් කර තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු 29 වසරක් ගෙවී ඇතත් ඔහු ජීවතුන් අතරද නැද්ද යන්න පවා රජය විසින් නිල වශයෙන් දන්වා නැති බවද පවසන ඇය තම සැමියාට වූ හෙලි ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ යයිද පෙත්සමෙන් සදහන් කරයි.

courtesy – lankacnews.com