කොස්ගොඩ තාරක යි, මදුකයි අඳින්න ඇදුමක්වත් ඇතුව හිඟන්නො වගේ ඉස්පිරිතාලේ හිටිය හැටි මෙන්න

මාතර ස්වර්ණාභරණ වෙළෙඳසලක් කොල්ලකෑමට ගොස් පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනා ජූලි මස 2 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කොට එදින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිත් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ. ශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

සැකකරුවන් තිදෙනා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (24දා) පස්වරුවේ කරාපිටිය රෝහලට ගොස් මෙම නියෝගය කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනුරාධපුර දුටුවැව අනුර කිත්සිරි, කොස්ගොඩ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර සහ ඩී. මහේෂ් යන සැකකරුවන් තිදෙනාය.

මෙම සැකකරුවන් රෝහලේ සිටි අකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් මේ වන විට ලැබී තිබෙනවා.එම ජයාරූප පහතින්.