Eyeliner පැන්සලක් හේතුවෙන් බැංකොක්හිදී තරුණියක් නොසිතූ අනතුරකට ලක්වූ අයුරු

20 හැවරිදි තරුණියක් පසුගියදා තායිලන්තයේ බැංකොක්හිදී අනතුරකට මුහුණපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.ඒ නගරය මධ්‍යයේ වාහන තදබදයකදී තම ඇහිබැම සැකසීම සඳහා යොදාගත් ‘eyeliner’ එක ඇගේ ඇස තුලට ඇනී අනතුරට ලක්වීමෙනුයි.

ඉදිරියෙන් ගමන් කල ට්‍රක් රථයක සිදුවූ හදිසි තිරිංග යෙදීමක් හේතුවක් පිටුපසින් පැමිණි මෙම ටැක්සිය රියදුරාට පාලනය කරගත නොහැකි තත්වයක් හේතුවෙන් ට්‍රක් රියේ ගැටුණු අතර මෙහි පසුපස අසුනෙහි ගමන් කල මෙම තරුණිය මේ හේතුවෙන් eyelinerය ඈගේ වම් ඇස තුලට පසාරු කරගෙන ගොස් ඇත.

අනතුරෙන් පසුව ඇයව “Rajavithi” රෝහල වෙතට ඇතුලත් කල අතර එහිදී සිදුකල හදිසි ශල්‍යකර්මයකින් පසුව එම eyelinerය ඉවත් කල අතර මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

කාන්තාවන් මහමඟ ගමන් කරන විටදී වඩාත් කල්පනාකාරීව කටයුතුකළ යුතුබව වෛද්‍යවරුන් සඳහන් කර තිබුණි.

Courtesy : hirutv.lk/blog