සංස්කෘතියට එහා ගිය සමාජ මාධ්‍ය තුල ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ මේ වීඩියෝව ගැනත් කාලෙන් කාලෙට ඉරාජ් කරන මේ විදිහේ වෙනස් දේ ගැනත් ඉරාජ් දක්වපු අදහස් තමයි මේ.
මම සංස්කෘතිය බිදින කෙනෙක් නෙමෙයි. මම වෙනස් දේවල් කරන කෙනෙක්. සමාජ ප්‍රශ්න එලියට දාලා මුදල් උපයන්න නෙමෙයි මට ඔන වුනේ. මගේ ප්‍රධාන ආදායම youtube නෙමෙයි. හැමෝම එහෙම කිවුවට. මගේ නිර්මාණ වලට වාරණ දාපු tv චැනල් වලට කණට ගහන්නයි මේ කලේ. 2020 වෙනකොට මට එරෙහි වුණ චැනල් වලට වඩා ඉහලට යන්නයි මට ඕනේ.
නිරුවත නැතිව සමාජෙට පණිවිඩ දෙන්න තිබුණා කලින් පරම්පරාවට. දැන් පරම්පරාව ඉන්නෙ අමුතු මානසික මට්ටමක. එයාලට පණිවිඩයක් දෙන්න, එයාලව අල්ල ගන්න මෙහෙම වීඩියෝ නැතුව බෑ. ඒකයි එමෙ කලේ.