මිනිසුන් නොමග යවා අමුතු ගේම් ගැසූ පොකට්‌ ආච්චි ට වැඩ වැරදුන හැටි

නාවලපිටිය වෙරළුගස්‌හින්න ප්‍රදේශයේ පදිංචි “පොකට්‌ ආච්චි” නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන විවිධ සොරකම් වලට සම්බන්ධ කාන්තාවත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. ඒ පසුගියදා නාවලපිටිය ප්‍රදේශයේ වෙළඳ සැලක් තුල සිටි පුද්ගලයන් පිරිසක් නොමඟ යවා මුදල් පසුම්බියක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට කල පැමිණිල්ලක් අනුවයි.

අදාල සොරකම කිරීමට නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ගෑස්‌ වෙළෙඳ සැලකට ගිය ඇය එහි සිටි කාන්තාවන් දෙදෙනෙකුට ‘‘අනේ දරුවෝ මට ඕවා තේරෙන්නේනෑ. ඔය ගෑස්‌ එකක්‌ මට තෝරලා දෙන්න‘‘ යනුවෙන් පවසා එම අවස්ථාවේදී වෙළෙඳ සැලට පැමිණ සිටි තවත් කාන්තාවකගේ අත්බෑගයේ තිබූ මුදල් පසුම්බියක් සූක්ෂම ලෙස සොරා ගෙන තිබෙනවා.

පසුව වෙළෙඳ සැලට පැමිණි කාන්තාව තම මුදල් පසුම්බිය නොමැති බව දැනගැනීමත් සමඟ වඩාත් විමසිලිමත් වූයේ මුදල් පසුම්බිය තුළ රුපියල් 15000 ක් වටිනා ජංගම දුරකථනයක්‌ හා මුදුවක්‌, බැංකු කාඩ් ඇතුළු වටිනා දේ සමඟ මුදලින් රුපියල් 5800 ක්‌ තිබූ නිසාය.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී වෙළඳ සැලට පැමිණි වයසක කාන්තාව ගැන සැක සිතූ ඇය සිය සිය සැමියා ද සමඟ මුළු නගරය පුරා ඇයව සොයා ඇවිද ගියේය.

ඔවුන් ඇයව සොයන අතරතුරේ පොකට්‌ ආච්චි එළවළු කඩයකට ගොස්‌ එළවළු කිහිපයක්‌ රැගෙන එම එළවළු මල්ලේ පතුලටම මෙම මුදල් පසුම්බිය දමා එම වෙළෙඳ සැලේම බෑගය තබා පසුව ගන්නා බව පවසා නැවත නගරයට ගියේ එහි තිබූ ජංගම දුරකථනය තමන්ගේ බෑගයට දමා ගනිමිනි. ඇය මෙම ජංගම දුරකථනය අක්‍රිය කිරීමට උත්සහ කර තිබුනද එය සාර්ථක වී නැහැ.

අනතුරුව මුදල් පසුම්බිය නැතිවූ කාන්තාව හා ඇගේ සැමියා මෙම කාන්තාව බස්‌ නැවතුම්පළේදී අල්ලා ගෙන “ආච්චි අම්මා මගේ පර්ස්‌ එක දෙන්න ඔයාට මොනවත් කරන්නෙ නෑ” යනුවෙන් පවසා තිබෙනවා. නමුත් එම කාන්තාව ප්‍රකාශ කර තිබුනේ‍ හතර පෝයටම සිල්ගන්නා තමන් එවැනි පහත් වැඩක් නොකල බවයි.

කෙසේ නමුත් එම කාන්තාව පොලීසියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය කියා සිටියේ තමන් කිසිසේත්ම එවැනි සොරකමක් නොකල බවයි. නමුත් පසුව ඇයගේ බෑගය පරීක්‍ෂාකරා කිරීමේදී සොරාගත් ජංගම දුරකථනය සොයා ගෙන තිබුණා. එහිදී එම ජංගම දුරකතනය තම මුණපුරාගේ බව පැවසුවත් දුරකතනය හිමි තැනැත්තිය ලබාදුන් දුරකථනය ඇමතුමකින් තම දුරකතනය හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අදාල කාන්තාව සිරගත කිරීමට කටයුතු කල අවස්ථාවේ ඇය විසින කල කී දේ සියල්ල ප්‍රකාශ කර තිබෙනවා. එහිදී මෙම කාන්තාව විසින් එදිනම රන් මාලයක්‌ බැංකුවට උකස්‌ තබා මුදල් ලබාගෙන ඇති බවද සොයා ගෙන තිබෙනවා.

courtesy – nethgossip.lk