TV බලන්න ගිය පිය පුතු දෙපළට සොබාදහම උරුම කළ හද කම්පා කරවන ඉරණම

යාපනය වඩමාරච්චි කරනවායි ප්‍රදේශයේදී නිවසක ඇන්ටනා වයරයක් සවි කිරීමට ගිය පිය පුතු දෙපලට විදුලි සැර වැදීමේන් අද (23) උදෑසන මිය ගොස් තිබෙනවා.

කරණාවායි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසක අද උදෑසන කාලයේ පියා සහ පුතා විසින් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇන්ටනාව වෙනස් කොට වයරය සවි කිරීමට යාමේදී නිවසේ ඇද තිබූ විදුලි රැහැනක පලුදු වූ ස්ථානයකින් පළමුව පුතාට විදුලිසැර වැදී ඇති අතර පසුව පියා විසින් පුතාව බේරීමට යාමේදී පියාටද විදුලි සැර වැදී තිබෙනවා.

විදුලි සැර වැදීමෙන් පියා සහ පුතා නිවස තුලම මිය ගොස් සිටි බවයි නෙල්ලියඩි පොලීසිය පවසන්නේ.

මෙසේ විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ කරණවායි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පියා වූ ජෙගනාන්දන් හා 29 හැවිරිදි පුතා වූ සංජීවන් යන අයයි.

මිය ගිය අයගේ දේහයන් පේදුරුතුඩුව මන්දගායි රෝහල වෙතට රැගෙන ගොස් ඇති බවයි නෙල්ලියඩි පොලීසිය වැඩි කියා සිටියේ.

courtesy : gossip.hirufm.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here