සජිත් අගමැති අපේක්‍ෂක ලෙස නම් කර රනිල් ජනාධිපති කරන්න අලූත්ම සූත්තරයක් එයි

    මීලග ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා රනිල් වික‍්‍රමසිංහ මහතා ලෙසත් අගමැති අපේක්‍ෂකයා සජිත් පේ‍්‍රමදාස මහතා ලෙසත් ප‍්‍රකාශයට පත් කල යුතු යයි ඇමති මංගල සමරවීර මහතා පවසා ඇත.

    එක්සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්ඩලයේදී ඔහු මේ බව සදහන් කර තිබේ.

    ගම් මට්ටමේ ජනතාව ජනතාව සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ආකර්ෂණයක් ඇති නිසා වහා මෙම යෝජනාව ක‍්‍රියාත්මක කල යුතු යයිද ඔහු සදහන් කර ඇත.

    සජිත් පේ‍්‍රමදාස මහතාට ඇති ආකර්ෂණය පක්‍ෂය ජයග‍්‍රහණය කරවීම සදහා යොදා ගත යුතු බවත් පෙන්වා දී ඇති ඇමති සමරවීර ඉන් පසු දැවැන්ත ප‍්‍රචාරක වැඩසටහනක් ආරම්භ කල යුතු යයිද සදහන් කර ඇත.

    කෙසේ වෙතත් මෙම යෝජනාවත් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මීලග අගමැති වීමට අපේක්‍ෂාවෙන් සිටි කිහිප දෙනෙකු කලබලයට පත්ව ඇතැයිද සදහන්ය.

    courtesy – lankacnews.com

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here