වෙසක් පුර පුන් පොහෝ දිනයද යෙදි තිබූ පසුගිය සතියේ දේශපාලන වේදිකාවේ රසවත් සිදුවීමක් වාර්තා වේ. එනම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය වැඩිමහල් පුත්, පාර්ලීමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අමතා ඇසූ ප්රශ්නෙකට ලැබු අපූරූ පිළිතුරකි.
වෙසක් පොහෝ දින හිටපු ජනපති මහින්ද සිටියේ තංගල්ලේය. එදින උදෑසන සිරිත් පරිදි පෝ දින ධර්ම දේශනාව පැවැත්විණි. උදෑසන සිටම නාමල් දකින්නට නොසිටි නිසා මහින්ද නාමල්ට දුරකථන ඇමතුමක් ගත්තේය.
“කොහෙද ඉන්නේ?” මහින්ද ඇසුවේය.
“මම මේ එෆ්. සී. අයි. ඩී එක ගාව තාත්තා” නාමල් උත්තර දුන්නේය.
“ඒ මොකද අද එතැන දන්සලක්වත්ද?” මහින්ද ඇසුවේ සිනාසෙමිනි.
“ඔව් ඉතින් ආණ්ඩුව අපිට දෙන තරමක් දෙන්නේ දන්සල්නේ. අද එන්න කියලා තිබුණ නිසා ආවා” නාමල් උත්තර දුන්නේය.
උපුටා ගැනීම නෙත්