රත්රන් වලටත් බද්දක් ආනයනය කළොත් 15%ක බදු අලුත්ම බද්ද නිසා රත්රන් මිල වැඩි වෙන්නෙ මෙහෙමයි

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රත්රන් සදහා වටිනාකම මත සියයට 15ක තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පෙරේදා (17දා) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද පනවා ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.මේ අනුව ආනයනික රත්රන් සඳහා පෙරේදා (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 15ක තීරු බද්ද බලපැවැත්වෙනු ඇත.

නව තීරු බද්ද හේතුවෙන් වෙළෙඳපළේ කැරට් 22 රත්රන් පවුමක මිල රුපියල් 4000-4500ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ස්වර්ණාභරණ අලෙවිකරුවෝ පවසති. ඊයේ (18) වන විට වෙළෙඳපළේ කැරට් 22 රත්රන් පවුමක විකුණුම් මිල රු. 42,500 – 43,000 අතර විය.

courtesy:neth gossip

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here