ලෝකයට වසන් වී නිරුවතින් ජිවත් වෙන එංගලන්තයේ අපුරූ ගම්මානය

“ඇඳුම් ඇඳීම සම්පූර්ණයෙන්ම අත්හැරලා..”

“සුන්දරත්වය හැමදාම විඳින්න, අපට එකතුවන්න. ඇඳුම් නැතුව…”

නිරුවත යනු විවාදාත්මක මාතෘකාවකි. මිනිසුන් නිරුවතින් ඉපදුන ද, නිරුවතින් ජීවත් වීම ශිෂ්ට සමාජය විසින් ප්‍රතික්‌ෂේප කරන්නා වූ සමාජ රීතියකි. එසේ ජීවත්වන්නන් ම්ලේච්ඡයන් ලෙස කොන් කරනු ලැබ සිටිති. ඔවුන් ජීවත්වනු ලබන්නේ ශිෂ්ට සමාජයෙන් ඈත්ව ගණ වනාන්තරවලය. ඔවුන් වනචාරී ම්ලේච්ඡ ගෝත්‍රිකයන් ලෙස හඳුන්වනු ලබති. ඇමසන් වනාන්තරයේ අදටත් මෙම ගෝත්‍රිකයන් ජීවත් වන අතර ඔවුන් මේ නවීන ශිෂ්ඨ සමාජය සමඟ සබඳතා පවත්වන්නේ නැත. නමුත් නූතන ශිෂ්ට සමාජයේ නවීන මිනිසුන් නිරුවතින් ජීවත් වන නවීන ගම්මානයක්‌ පිළිබඳව මෑතකදී වාර්තා වී තිබේ.

ස්‌පීල්ප්ලාට්‌ස්‌ (ජර්මන් බසින් ‘ක්‍රීඩාංගනය’) නම් මේ නිරුවත් ගම්මානය පිහිටා තිබෙන්නේ එංගලන්තයේ හර්ට්ෆොaඩ්ෂයර් ප්‍රාන්තයේය. මේ රහස්‌ ගම්මානය ලෝකයට හෙළි වූයේ ඒ පිළිබඳව නිෂ්පාදනය වූ රූපවාහිනී වාර්තා වැඩසටහනක්‌ නිසාවෙනි. (සමහර රටවල නේවාසික නිරුවත් කඳවුරු පැවැත් වුණද නිරුවත් ස්‌ථිර පදිංචිකරුවන් සහිත ගම්මානයක්‌ ගැන වාර්තා වූ පළමු අවස්‌ථාවය.) මේ නිරුවත්වාදීහු තම ජීවන රටාව වාර්තා වැඩසටහනකට නගන්නට එක්‌තරා රූපවාහිනි ශිල්පීන් කණ්‌ඩායමකට ආරාධනා කළහ. මෙතෙක්‌ තම පෞද්ගලිකත්වය සඟවා ගෙන සිටි මොවුන් කලාතුරකින් ලැබෙන මේ අවස්‌ථාව ඔවුනට ලබා දුන්නේ සුවිශේෂී හේතුවක්‌ නිසාය. එය නම් තම නිරුවත් ගම්මානයට අලුතින් සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රචාරක කටයුත්තක්‌ ලෙසය. ඒ සඳහා ඔවුන්ගේ ඉලක්‌කය වූයේ තරුණ තරුණියන්ය. එයට හේතුව ස්‌පීල්ප්ලාට්‌ස්‌ ගම්මානයේ ජනගහන සාමාන්‍යය අවුරුදු 60 ට වැඩි වීමය. ඒ හෙයින් ඔවුන් තම නිරුවත්වාදී පරම්පරාව ඉදිරියට ගෙන යැමේ ගැටලුවකට මුහුණ දී සිටිති.

මෙම ස්‌පීල්ප්ලාස්‌ට්‌ස්‌ ගම්මානයේ ඉතිහාසය 1929 දක්‌වා ඈතට දිවයන්නකි. ලන්ඩනයේ ජීවත් වූ චාල්ස්‌ මැකාස්‌කි හා ඔහුගේ බිරිඳ වූ ඩොරති පිටිසර පෙදෙසක්‌ වූ බ්‍රිකට්‌ වුඩ්හි නොයිඳුල් වනාන්තරයක ඉඩම් ප්‍රමාණයක්‌ මිලට ගෙන එහි කඳවුරක්‌ පිහිටුවා ගත්හ. ඔවුන් එය හරිත අරණ යෑයි නම් කරති. මිනිස්‌ වාසයෙන් බොහෝ දුරස්‌ව පැවති බැවින් තම නිවසේ නිරුවත්ව ගැවසීමට ඔවුන් ක්‍රමයෙන් හුරු වූහ. කල් යැමේදී මෙය ඔවුනට සාමාන්‍ය දෙයක්‌ වූ අතර පසුව ඇඳුම් ඇඳීම සම්පූර්ණයෙන්ම අත් හරින ලදී. පසුව ලන්ඩනයේ සිට ඔවුන් හමු වීමට පැමිණි මිතුරන් ද මේ ‘ස්‌වාභාවික’ ජීවිතය අගය කළ අතර බොහෝ අය ඊට කැමැත්තෙන් එකතු වන්නට වූහ. මේ ආකාරයෙන් හරිත අරණ කුඩා කඳවුර ස්‌පීල්ප්ලාට්‌ස්‌ නිරුවත් ගම්මානය ලෙසට ව්‍යාප්ත විය.

මේ ගම්මානය මාධ්‍යයට නිරාවරණය වූ පළමු අවස්‌ථාව මෙය නොවේ. 1957 දී ගවේෂණාත්මක විද්යුත් මාධ්‍යවේදියකු වූ ඩෑන් ෆාසන් ස්‌පීල්ප්ලාට්‌ස්‌ ගම්මානයට පැමිණ චාල්ස්‌ මැකාස්‌කි, බිරිඳ ඩොරති හා ඔවුන්ගේ දියණිය අයිසෙවුල්ට්‌ සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වන ලද්දේය. පසුව එම වැඩසටහන ‘අවුට්‌ ස්‌ටෙප්’ නමින් බ්‍රිතාන්‍ය රූපවාහිනි නාලිකාවක ප්‍රචාරය විය. බ්‍රිතාන්‍ය රූපවාහිනියේ නිරුවත් කාන්තාවක්‌ පෙනී සිටි මුල්ම අවස්‌ථාව වූ එම වැඩසටහන හා එමගින් හෙළිදරව් වූ ප්‍රවෘත්තිය ඒ සමයේ ඉමහත් ආන්දෝලනයකට ලක්‌ විය.

නමුත් ඉතා මෑතකදී රූගත කළ වාර්තා වැඩසටහන සම්මුඛ සාකච්ඡාවලට වඩා ඉදිරියට ගිය නිරුවත්වාදීන්ගේ ජීවන රටාව හෙළි කළ එකක්‌ විය. 1957 දී ඩෑන් ෆාසන්ට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා දුන් ස්‌පීල්ප්ලාට්‌ස්‌ නිර්මාතෘ චාල්ස්‌ මැකාස්‌කිගේ තරුණ දියණිය අයිසෝල්ට්‌ මැකාස්‌කි මෙනෙවිය මේ නව වැඩසටහනට ද පෙනී සිටියාය. ඒ 82 හැවිරිදි අයිසෝල්ට්‌ රිචඩ්සන් මහත්මිය ලෙසය. අපත්, ඔබ නගරයේ දකින වීථියක ගමන් කරන ජනයාත් අතර වෙනසක්‌ නැහැ.’ ඇය පවසයි. අප හැමෝම සාමාන්‍ය මිනිසුන්. නමුත් මේ අතිවිශේෂ ස්‌ථානයේ ජීවත් වන අප වාසනාවන්තයි. එය කුඩා ප්‍රාන්තයක්‌ වගෙයි.රූපවාහිනි වැඩසටහන මගින් ගම්මානයේ සාමාජික පවුල්වල පවත්නා කුඩා ගැටලු ද අනාවරණය කර තිබේ. 68 හැවිරිදි ලයිට්‌ෆූට්‌ සමාගමේ මූල්‍ය අධ්‍යක්‌ෂවරයකු පවසා සිටියේ දියණියගේ ඉල්ලීම පරිදි තම බිරිඳ සෞඛ්‍ය හේතූන් මත ඇගේ සම හිරු එළියට අනාවරණය නොකරන බවයි. රූපවාහිනි නිවේදකයා පැවසුවේ, ඔහු වෙනත් වචන වලින් කියන්නේ තම බිරිඳ නිරුවතින් සිටීම ප්‍රතික්‌ෂේප කරන බවය.නිරුවත් උද්‍යාන අලංකරණය ඔවුන්නේ නිරුවත් ක්‍රියාකාරකම් වලින් එකකි. ප්‍රේක්‌ෂකයන්ට ඔවුන් කියා සිටි කාරණාවක්‌ වූයේ තම භූමිය ආරක්‌ෂා කර ගැනීමට ඔවුන් කරනා වූ අරගලයයි. දේපළ වෙළෙන්දන් විසින් ඔවුන්ගේ ප්‍රදේශයෙන් අක්‌කර 50 ක්‌ අත්පත් කර ගැනීමේ උත්සාහයක යෙදෙන බව කියා සිටින ඔවුන් තමනට අරමුදල් නොමැතිකමින් සිය රමණීය ජීවන රටාව අහිමි වීමේ තර්ජනයකට ඔවුන් මුහුණ දී ඇති බවද පවසති.රූපවාහිනි කණ්‌ඩායම ගිම්හාන ඝෘතුව මෙම ගම්මානය තුළ ගත කොට නිරුවත්වාදීන් 50 දෙනකුගේ ජීවන රටා රූ ගත කොට තිබේ. වර්ෂයේ මේ කාලයේ තවත් උණුසුම දවටා ගතයුතු දැයි ඔවුන් විමසති. හර්ට්ෆොඩ්ෂයර් ප්‍රාන්තයේ මේ කුඩා ප්‍රජාව ඇඳුම් ප්‍රතික්‌ෂේප කොට සම්පූර්ණ නිරුවත්ව ජීවත්වීමට එහා ගිය සුන්දරත්වයක්‌ භුක්‌ති විඳිමින් සිටිති.ස්‌පීල්ප්ලාට්‌ස්‌ යුරෝපයේ පැරණිම නිරුවත් ගම්මානය වන අතර එංගලන්තයේ පවත්නා එකම නිරුවත් ගම්මානය වේ. රූපවාහිනි කණ්‌ඩායමට නිරුවත්වාදී කළමනාකාර කමිටුව පවසා සිටියේ ඔවුන්ගේ උත්සාහය ස්‌වභාව ධර්මයේ ආත්මය සමඟ ජීවත්වීම වන අතර එය ඔවුන්ගේ ආගම ද වන බවයි. මේ අපූරු ජීවන දහම ඉදිරි පරම්පරාවට ගෙනයැම ඔවුන්ගේ අධිෂ්ඨානයයි. ගමේ ප්‍රජාව වේගයෙන් වයස අවුරුදු 60 පසු කරමින් සිටින බැවින් තරුණ පදිංචිකරුවන් ආකර්ෂණය කරගැනීමේ අවශ්‍යතාව තදින් පැන නැඟී තිබේ.මෙම වැඩසටහන මගින් නිරුවත්වාදීන් විසින් විවෘත ආරාධනයක්‌ කොට තිබේ. ස්‌පීල්ප්ලාට්‌ස්‌ වෙත එන්න. අපගේ උද්‍යානයේ, වනපෙතේ, තටාකයේ නිදහස භුක්‌ති විඳින්න. ස්‌වභාව ධර්මයට අනුගත වන්න. ඒ සුන්දරත්වය හැමදාම විඳින්න, අපට එකතුවන්න. ඇඳුම් නැතුව.

courtesy : gossip.hirufm.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here