අවුරුද්දෙන් පස්සේ ඉන්ධන මිලට වෙන දේ

සිංහල අලූත් අවුරුද්දෙන් පසුව ඩිසල්, පෙට්‍රල් හා භුමිතෙල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සැලසුම්කර ඇතැයි වාර්තා වේ.

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළ යාමත්, 2015 ජනවාරි 08 ආරම්භ වු දින සියේ ආන්ඩුවේ අතුරු අයවැයෙන් ඉන්ධන මිල පහත හෙලීම නිසා සංස්ථාවට දෛනිකව ඉන්ධන අලෙවියෙන් පාඩු විදීමට සිදුව ඇති බවද පැවසේ.

අදාළ තත්ත්වය හේතුවෙන් රුපියල් 44කට අලෙවි කරනු ලබන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 40කින් පමණ ඉහළ දැමීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

ඞීසල් හා පෙට්‍රල් මිලද රුපියල් 3ත් -10ත් අතර මිලකින් ඉහළ දැමීමට යෝජනා වී ඇතැයි පැවසේ.

මීට පෙර පසුගිය පෙබරවාරි 23 වැනිදා ලංකා ඉන්දියන් තෙල් සමාගමද ඞීසල් රුපියල් 100 දක්වාත් පෙට්‍රල් මිල රුපියල් 126 දක්වාත් ඉහල දැමීමට කටයුතු කළේය.

courtesy : srilankamirror.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here