රෝහිත් නිලම්ගේ තාත්තා බලන්න ගිහින්ක්‍රීඩාවට එහා ගිය මනුෂ්‍යත්වය ලෝකෙටම පෙන්වයි

පසුගිය දිනවල පැවැත්වූ   නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායමද ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් එයින් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේ ලාංකිය  ක්‍රිකට් පේක්ශකයන්ගේ සුභ පැතුම්ද සමගයි.එම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුනේ රෝහිත් ශර්මා හටය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදී තිබූ අතර, එම සිදුවීම අමතක වී ගොස් නොමැති ඉන්දීය නායකයා පසුගිය දිනවල පැවැත්වූ නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුව බැලීමට ගොස් ඇත.

ඉන්දීය නායකයා නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා නිලාම්ගේ නිවසට ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිමත් කරන්නකු වන ගයාන් කුමාර  පවසා සිටියේ මෙවැන්නකි.

“මට රෝහිත් ෂර්මා හමු වුණාම හුඟක් වෙලාවක් අපි කතා කළා. ඒ කතා කළ වෙලාවේදී ඔහු මගෙන් ඇහුවා නිලාම්ගේ තාත්තගේ විස්තර. ඒ අහපු වෙලාවෙදී ඔහු අපිට කිව්වා  නිලාම්ගේ තාත්තා බලන්න එන්නම් කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here