රොෂාන් පිලපිටිය රොෂාන්ට මුදල් දුන් රිසිට් සියල්ල සුනාලි රත්නායක ලීක් කරයි

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය විවාහය පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු. කෙසේ වෙතත් රොෂාන් පිලපිටිය සහ රිද්මා එලෙසින් අතිනත ගැනීමෙන් පසු කතා මැවූ සිදුවීමක් වූයේ රොෂාන් පිලපිටියගේ පෙර පෙම්වතිය වූ සුනාලි රත්නායකගේ ප්‍රකාශයි. තවත් රිද්මා පිලපිටියගේ හිටපු පෙම්වතා යැයි කියන තිළිණ චතුරංග කියූ කතාද ආන්දෝලනයට තුඩු දුන්නා.

එහිදි සුනාලි රත්නායක කියා සිටියේ රොෂාන් පිලපිටිය තමාගෙන් මුදල් ලබා ගත් බවත් , රොෂාන් පිලපිටිය එම මුදල් නැවත ලබාදීම ප්‍රතික්ෂේප කරන බවය. කෙසේ වෙතත් මේ පිළිබදව මාධ්‍යයකට අදහස් දැක්වූ රොෂාන් පිලපිටිය පාර්ශවය කියා තිබුණේ සුනාලි රත්නායකගේ චෝදනා මඩ ප්‍රකාශ බවයි.

එම ප්‍රකාශ පිළිබදව අදහස් විමසීමට නෙත් ගොසිප් අප , සුනාලි රත්නායක සම්බන්ධ කර ගත්තා. එහිදි ඇය අප හා ප්‍රකාශ කළේ මෙවැන්නක් ,.

” මෙම නළුවා වරින් වර මගෙන් ලබාගත් මේ මුදල් ටික පමණක්ම හාරලක්ෂ හැත්තෑපන්දහසක්. මීට අමතරව, 2014 සහ 2015 මගෙන් අති විශාල මුදල් ප්‍රමාණයන් ඔහු එකවර ලබාගත්තා. ඒ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බැවින්, මෙතන එම විස්තර ඉදිරිපත් කරන්නේ නැහැ. එසේ ලබාගත් විශාල මුදල් වලට අමතරව, විටින් විට ආර්ථික අමාරුකමක් පවසා මගෙන් විසි දාහ, තිස්දාහ, හතලිස් දාහ වශයෙන් අනන්තවත් මුදල් ඔහු නිතර දෙවේලේ ලබාගත්තා. 2015 මා සති හතක නිවාඩුවකට ලංකාවට පැමිණි වෙලාවෙත්, ඔහුගේ ශීතකරණය කැඩී ඇති බව පවසමින් මගෙන් රුපියල් තිස්දාහක් ඉල්ලා ගත්තා. ඔහු මට ආපසු දුන්නේ, මගෙන්ම ඔහු බොරු කිය-කියා දිගින් දිගටම මේ අයුරින් ලබා ගත් අති විශාල මුදලින් ඉතාමත්ම සුළු කොටසක් වූ, ලක්ෂ දෙකක් පමණයි. ඒකත්, ලැජ්ජා නැතුව වෙනින් පාර්ශවයන් ලවා, දැන් වෙබ්සයිට් වල ප්‍රචාරය කරනවා ”

” ආයේත් 2017 ජනවාරි 3 වන දින තවත් මුදල් අවශ්‍යතාවයක් කියලා රොෂාන් පිලපිටිය මගෙන් මුදල් ඉල්ලූවම, ඔහුගේ බැංකු ගිණුමට මම රුපියල් ලක්ෂයක් තැන්පත් කරා. ඒ රිසිට් පතත් තියෙනවා. තවද, රෝෂාන් පිලපිටියගේ රූපවාහිනි යන්ත්‍රය කැඩී ඇති බව කියමින්, මාගේ මුදලින් රුපියල් හැත්තෑපන්දහසක් ගෙවා, අඟල් 50 වර්ණ රූපවාහිනියක් ඔහු රත්මලානේ වෙළඳ සැලකින් මා ලවා 2016 දෙසැම්බරයේදී මිලදී ගත්තා. එය ඔහුගේ නමට මා ගත්තද, මුදල් ගෙවා අත්සන් කළේ මමයි. ඒ රිසිට් පතද මම ලග තියෙනවා.”

සුනාලි රත්නායක රොෂාන් පිලපිටියට මුදල් ලබා දුන් කියන රිසිට් පත් පහතින් ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here