මගේ තාත්තා මැරුණා නෙවෙයි මැරුවා මයිකල් ජැක්සන්ගේ දුව කියයි

තම පියාගේ මරණය සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ දියණිය වන පැරිස් ජැක්සන් ප්‍රථම වරට මාධ්‍යයට ප්‍රකාශ කරයි.

18 හැවිරිදි පැරිස් රෝලින් ස්ටොන් සඟරාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශ කර ඇත.

තම පියාගේ මරණය සැලැසුම් සහගතව සිදුකළ බව තමා තරයේ විශ්වාස කරන බවද තම පවුලේ සමීපතමයන්ද ඒ බව හොඳින් දන්නා බවද ඇය පවසා ඇත.

වසර 2009දී අධි මාත්‍රාවකින් ඔෟෂධ ලබාගැනීම හේතුවෙන් ඇතිවූ රෝගී තත්ත්වයකින් මයිකල් ජැක්සන් මරණයට පත්විය.

මෙම මරණය සම්බන්ධයෙන් 2011 වසරේදී ජැක්සන්ගේ වෛද්‍යවරයා වන කොන්රඩ් මරේව අත්අඩංගුවට ගෙන නඩු විභාගයකින් පසුව වසර හතරක සිරදඬුවමක් නියම විය.

රෝහණ බමුණුආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here