නිමල් සිරිපාලත් ඇමතිකම අතහැර 16 කණ්ඩායමට..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සරිපාලද සිල්වා මහතා ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම සමගින් එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එමෙන්ම බදුල්ල දිස්ත‍්‍රික්නය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ ආසන සංව්ිධායකයන් දෙදෙනෙක්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වනු ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බදුල්ලේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ලංකා සි නිව්ස්