තායිලන්ත ගුහාවේ සිරවුනු ළමයින් ඊයේ බේරා නොගත්තානම් සියළු දෙනා අනතුරේ..! මෙහෙයුම අවසන් වන්නට මොහොතක පෙර සිදුවුනු අවධානම් සිදුවීම..! (PHOTO)

පසුගිය දින කිහිපය පුරාවටම ලෝකය පුරා කතාබහට ලක්වුනේ තායිලන්ත ගුහාවේ සිරවී සිටි දරුවන් බේරාගැනීමේ දැවැන්ත මෙහෙයුම පිළිබඳවයි. ලොවපුරා ජනතාවගේ හිතට සතුටක් එකතු කරමින් අවසානයේ ගුහාව තුල සිරවී සිටි දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමට හැකියාව ලැබුණා.

තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය තුළ දින 18 ක කාලයක් පුරාවටම මෙම දරුවන් 12දෙනා සිරවී සිටි අතර මුදා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර ඊයේ (10) සාර්ථකව අවසන් වුනේ ගුහාව තුල සිරවී සිටි පුහුණුකරු සහ අනෙකුත් දරුවන් සිව් දෙනාත් බේරා ගැනීමෙන් අනතුරුවයි.

මේ අතර ඊයේ (10) දින මෙම මෙහෙයුම අවසන් කරගැනීමට නොහැකි වූයේ නම් මහා විනාශයක් ඇතිවීමේ හැකියාවක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව එම වාර්තා පෙන්වා දෙන්නේ මුදාගැනීමේ භටයින් අවසන් අදියරේ පැමිණෙන විට එම ගුහා සංකීර්ණයට එක්රැස් වන ජලය ඉවත්කිරීමට යොදා තිබූ නල පද්ධතිය අක්‍රීය වී ගුහාව තුල වේගයෙන් ජලය පිරී ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී අවසන් වරට පිටතට පැමිණි කිමිදුම් කණ්ඩායම් තම ජීවිත බේරාගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වී ඇති බව සඳහන් වෙනවා. එසේම ජල නළ පද්දතිය අක්‍රීය වන විට මෙහෙයුමට සම්බන්ධව සිටි කිමිදුම්කරුවන් බොහෝ පිරිසක් ගුහාවෙන් පිටතට පැමිණ සිටි අතර, දරුවන් සමග සිටි හමුදා වෛද්‍යවරයාද පිටතට පැමිණීම වාසනාවක් බවයි මාධ්‍ය වාර්තා වල පලවී තිබුනේ.

නෙත්