ගුහාවෙන් එලියට ආ ළමුන් විශේෂ වාට්ටුවක : වීඩියෝව පිටවෙයි (VIDEO)

අද වන විට මුළු ලෝකයේම අවධානය දිනා ගෙන තිබෙන තායිලන්තයේ ළමුන් 12 දෙනා රෝහල තුල ප්‍රතිකාර ලබන ආකාරය දැක්වෙන පළමු වීඩියෝව මාධ්‍ය වෙත ලබාදීමට එරට රජය කටයුතු කළා. මේ වන විට ඔවුන් විශේෂ ප්‍රතිකාර ලබා දෙන වාට්ටුවක් තුල තබා තිබෙනවා.

වෛද්‍ය කණ්ඩායමට හැර වෙන කිසිවෙකුටවත් ඔවුන් සමීපයට යන්න අවසර දීලා නැහැ. පුරා දින 03 ක මෙහෙයුමකින් අනතුරුව දින 18 ක් පුරා පොලොව යට පිහිටි උමගක් තුල සිරවී සිටි මෙම ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මේ වන විට තායිලන්තයේ Chiang Rai හි පිහිටි Prachanukroh රෝහලේ විශේෂ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එත් මේ ළමුන්ට ඔවුන්ගේ දෙමව්පියන් හෝ පවුලේ හිතවතුන් සමග එක් වන්නට රෝහල් බලධාරීන් අවසර දීලා නැහැ. ඒ ඔවුන් දින ගනනාවක් පුරා උමගක් තුල සිටි නිසා ඔවුන් විෂ බිජ වලට නිරාවරණය වීම වැළැක්වීම සදහා කියලයි වෛද්‍යවරුන් කියන්නේ. ළමුන් ප්‍රතිකාර ලබන Prachanukroh රෝහලේ ප්‍රධාන වෛදයවරයා අද (11) මෙම ළමුන්ගේ සෞඛ්‍ය සෞඛ්‍ය තත්ත්වය ගැන මාධ්‍යට පැහැදිලි කිරීමක් සිදුකලා.

එහිදී ඔහු කියා සිටියේ සෑම දෙනාම මනා මනා ශාරීරික මෙන්ම මානසික ශක්තියෙන් පසුවන බවයි. කෙසේ වුවත් ළමුන් 12 ඇතුළු පුහුණුකරුගේ සිරුරේ බර කිලෝග්‍රෑම් 2 කින් පමණ අඩුවී ඇති බව ඔහු සදහන් කර සිටියා. රෝහල පවසන්නේ මෙම ළමුන් 12 දෙනා ඉතා ප්‍රීතියෙන් සහ සැහැල්ලුවෙන් සිටින බවයි. ” ඔවුන්ට කණගාටුවක් තියෙනවා තාම පවුලේ අය එක්ක එක්වෙන්න ඉඩ නොලැබුණු එක ගැන. ඒත් අපි එයාලට පැහැදිලි කළා ඇත්ත තත්ත්වය ගැන. ඇත්තෙන්ම ඔවුන් ශක්තිමත්” විදෙස් මාධ්‍ය වෙත එක් වෛද්‍යවරයෙක් කියා සිටියා.

නෙත්