ඉන්දියානු ක්‍රීඩකයන්ගේ වැඩ එංලගන්තයේ අප්‍රසාදය – තරඟය දිනන්න හොර කරලා..? (VIDEO)

එංගලන්ත හා ඉන්දියාව අතර පැවති පළමු විස්සයි 20 තරඟායේදී ඇතැම් ඉන්දියානු ක්‍රීඩකයන්ගේ
හැසිරීම එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලීගේ අප්‍රසාදයට ලක්ව ඇත.

එම තරඟයේදී ඉන්දියානු පන්දු යවන්නන් වන කුල්දීප් යාදව් සහ බුවනේෂ්වර් කුමාර් කිහිප විටකදීම පන්දු යැවීමට පැමිණ කිසිදු හේතුවක් නොමැතිව ආපසු හැරී යනු දක්නට ලැබිණි.

එංගලන්ත කණ්ඩයාමේ අවසන් පන්දු වාරයේදීද එවැනි සිදුවීමක් වූ අතර එහිදී පන්දුවට පහර දෙමින් සිටි ඩේවිඩි විලී සහ බුවනේෂ්වර් කුමාර් අතර යම් බහින් බස්වීමක්ද සිදුවිය.

මේ පිළිබඳව මාධ්‍ය හමුවකදි සඳහන් කළ එංගලන්ත වේග පන්දු යවන්නා පැවසුවේ ‘ඔවුන් කිහිප වතාවක්ම එය සිදුකළා..මම දන්නෑ ඒ සම්බන්ධව තිබෙන නීති මොනවද කියලා.නමුත් මම එයට කැමති නෑ.ක්‍රීඩාවේ ජීව ගුණයට එය ගැලපෙන්නේ නෑ.. යනුවෙනි.

කෙසේ වෙතත් එම තරඟයෙන් කඩුලු 8ක ජයක් හිමිවූයේ ඉන්දියානු කණ්ඩායමටයි.

වීඩියෝව පහතින් නරඹන්න.

නෙත් නිව්ස්