ජර්මානු සුපිරි පාපන්දු ක්‍රීඩකයා උපත ලැබුවේ ලංකාවේ මාතර..? ‘‘මව් රටට ක්‍රීඩා කරන්න ආසයි ඒත් එය මගේ අනාගතයට බාධාවක්‘‘ – බුකිය කළඹන කතාවේ ඇත්ත නැත්ත මෙන්න (PHOTOS)

සාමාන්‍යයෙන් ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් වුණත් මේ දිනවල බොහො දෙනාගේ අවධනාය යොමුවෙලා තියෙන්නේ පාපන්දු දිහාවට.ඒ මේ දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය නිසා.

ෆේස්බුක් සමාජ ජලය හරහාත් පාපන්දු සම්බන්ධ විවිධ පළකිරීම් බොහෝ දෙනා හුවමාරු කරගන්නවා දක්නට ලැබෙනවා.ක්‍රීඩකයන්ට මෙන්ම තමන් කැමති කණ්ඩායමට සහය පළකරීම්, විනෝදජනක අදහස්, ක්‍රීඩකයන් වෙත කෙරෙන සුභ පැතීම් මෙන්ම උපහසාතමක අදහස් ද අතරේ දක්නට ලැබෙනවා.මෙවැනි නිර්මාණ අතරේ කාගෙත් අවධානයට යොමුවුණ පළකීරීමක් අපට දැකගන්න ලැබුණා.

ඒ පොස්ට් එකේ තිබුණේ ජර්මන් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ජෙරෝම් බොආටෙන්ග් ශ්‍රී ලංකාවේ මාතර ප්‍රදේශයේ උපත ලැබුවෙකු කියලා.ජර්මානු යුවළක් ඔහුව හදාවඩා ගන්න ජර්මනියට රැගෙන ගිය බවත් එහි සඳහන් වෙලා තිබුණා.මේ පොස්ට් එක 4000 අධික පිරිසක් හුවමාරු (SHARE) කරගෙන තිබුණා.

කොහොම වුණත් මේ කතාව ඇත්තක් නම් නෙමෙයි.අප්‍රිකානු-ජර්මානු සම්භවයක් ඇති ජෙරෝම් බොආටෙන්ග් 1988 වසරේ උපත ලබා ඇත්තේ බර්ලින් නුවරදී. ඒ වගේම ඔහුගේ පියා ඝානා සම්භවයක් ද මව ජර්මානු සම්භවයක් ද සහිත පුද්ගලයින්.

නෙත් නිව්ස්