ජනපති අගමැති හා හිටපු ජනපති අවුරුදු සැමරුවේ මෙහෙමයි

හෙළ සිරිතට මුල්තැන දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය පවුලේ සාමාජිකයින් සමග අද (14) සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබුවේ කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටිම විශේෂත්වයකි.

වැඩ ඇල්ලිමේ චාරිත්‍රය ඉටු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිළ නිවස පරිශ්‍රෙය් බෙලි පැලයක් ද රෝපණය කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය අද අලුත් අවුරුදු උදාව සමරමින් නුවරඑළිය බඹරකැලේ ශ්‍රි මහා විහාරයේදී උදෑසනම ආගමික වතාවත්වලට එක්විය.

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අලුත් අවුරුද්ද වෙනුවෙන් සිංහල සහ දෙමළ ජනතාවට සිය හෘදයාංගම සුබ පැතුම්  පිරිනමා තිබිණි.

ජාතික ගැටළුවට ස්ථිර විසදුමක් ගෙනදීමට මංපෙත් විවර කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සදහා ඇති සියලු බාධාක අභියෝග ජයගන්නා නව වසරක් වේවායි ඔහු සිය අවුරුදු සුබපැතුම් පනිවිඩයෙන් පවසයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් සමඟ මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරනු ලැබුවේ තංගල්ල කාල්ටන් නිවසේදියි.

ජනපති අගමැති හා හිටපු ජනපති අවුරුදු සැමරුවේ මෙහෙමයි

ජනපති අගමැති හා හිටපු ජනපති අවුරුදු සැමරුවේ මෙහෙමයි

Posted by Yaalu.com on Saturday, April 14, 2018

උපුටා ගැනීම අද දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here