මීලග අගමැති කමට සුදුසු මමයි. ඇමති ජෝන් අමරතුංග

    අද වන විට කුඩු ව්‍යාපාරය ලවක් දෙවක් නැතිව හැමතැනම කරගෙන යද්දී පොලීසිය නිශ්ශබ්දව සිටින බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

    අද වන විට රජයේ පරිපාලනය අඩපන වි ඇති බවද ඇමතිවරයා කියයි.

    ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වත්තල සංවර්ධන සභා රැුස්වීම අවසානයේ මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

    නීතිය හා සාමය අමාත්‍යංශය අද ගන්න දෙයක් නැතිව වන වී ඇතැයිද කී ඇමති අමරතුංග එම අමාත්‍යංශය දුන්නත් බාර ගන්නේ නැති බද කියා සිටියේය.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතට පසු පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් සිටින තමන් අගමැතිකමටද සුදුසු යයිද පවසන ඇමතිවරයා ඒවා ඉල්ලන්න යන්නේවත් දුන්නට ගන්න යන්නේවත් නැතැයිද කීවේය.

    courtesy -lankacnews.com

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here