මාතරට ටොනාඩෝවක් කුඩා යාත්‍රා මුහුදු යාම නවතාලයි කාලගුණය හෙටින් පසු වෙනස්

    මුලතිව් නයාරු ප‍්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් තුන් දෙනෙකු රැගක් බෝට්ටුවක් අතුරුදන් වී තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍ය්ස්ථානය පැවසුවේ මාතර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ ටොනාඩෝ තත්ත්වයක් ද හටගත් බවයි.

    මුහුදු ප‍්‍රදේශවල පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කුඩා ප‍්‍රමාණයේ යාත‍්‍රා ධීවර කටයුතු සඳහා යාම තවදුරටත් නතර කර ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පැවසුවේ.

    දිවයිනට බලපා ඇති වැසි තත්වය හෙට දිනයේ සිට ක‍්‍රමයෙන් අඩුවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

    courtesy – nethnews.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here