නුවර කලහයේ චෝදනාව මක දිළුම් ලොහාන් ශ‍්‍රීලනිපයෙන් නෙරපයි

    මෑතකදී මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහයන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දෙදෙනා පක්‍ෂයෙන් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි එම පක්‍ෂ ප‍්‍රකාශකයෙක් උපුටමින් ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

    අදාල මන්ත‍්‍රීවරුන් ගැන සිදු කරන පොලිස්‌ පරීක්‍ෂණවලදී වැරැදිකරුවන් යයි ඔප්පු වන්නේ නම් ඔවුනට එරෙහිව දැඩි දඬුවම් දෙන්නැයි ජනාධිපතිවරයාට බලකරන්නේ යයිද පවසා තිබේ.

    ශ‍්‍රීලනිප සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජාතීන් නියෝජනය කරන පක්‍ෂයක් නිසා කිසිවෙකුට එහි ජාතිවාදී ලේබලය ඇලවීමට ඉඩ නොදෙන බවද එම ප‍්‍රකාශකයා සදහන් කර ඇත.

    ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන දිළුම් අමුනුගම හා ලොහාන් රත්වත්තේ යන දෙදෙනාට මෙසේ චෝදනා එල්ල කරමින් ඇති බව ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සදහන් කරති.

    courtesy – lankacnews.com

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here