තමිල්නාඩු සරණාගත කඳවුරුවල ලක්ෂයක් ශ්‍රී ලංකාවට එන්න සැරසෙයි

ඉන්දියාවේ තමිළ්නාඩු සරණාගත කඳවුරුවල සිටින ලක්ෂයකට අධික ශ්‍රී ලාංකීක සරණාගතයන් යළි මෙරටට පැමිණිමට කැමත්ත පල කර තිබෙනවා.  ඉන්දිය මණ්ඩපම්, මදුරෙයි,චෙන්නායි ඇතුළු සරණාගත කඳවුරු 125ක සිටින ශ්‍රී ලාංකීකයන් මෙලෙස මෙරටට පැමිණිමට කැමත්ත පල කර ඇති බවයි ඉන්දිය වාර්තා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ දී අවතැන් වූ ලක්ෂ 5කට අධික පිරිසක් තමිල්නාඩුවේ රාමේෂ්වරම් අසල පිහිටි මණ්ඩපම් කඳවුර වෙත මුහුදු මාර්ගයෙන් පැමිණියා.

ඔවුන්ගෙන් ලක්ෂ 3ක පිරිසක් තවදුරටත් එම කඳවුරේ රැඳි සිටින අතර එම පිරිස නැවත ශ්‍රී ලංකාව වෙත යොමු කිරිමටයි ඉන්දිය බලධාරින් කටයුතු කරමින් සිටින්නේ.

වසර 30ට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමාවට පත්වී වසර 8ක් ගත වී ඇති අතර මෙරට තුල පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් මෙම පිරිස යළි දිවයිනට පැමිණිමට කැමත්ත ප්‍රකාශ කර ඇති බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

කෙසේ වෙතත් අදාළ පිරිස මෙම වසර අවසන් වීමට පෙර තූත්තුකුඩියේ සිට නැව් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට යළි පැමිණීමට නියමිත බවයි ඉන්දිය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here